Thursday, November 26, 2020
/ - General line - 0115112241 | - nethgo[email protected]

නව බලවේගය ජුලි 2 එළිබසී – බැසිල් සමග ගැටුම විසඳේ

2078Views

ආණ්‌ඩු විරෝධී පුළුල් ජාතික බලවේගයක්‌ ගොඩනැගීම බදුල්ල දිස්‌ත්‍රික්‌කය කේන්ද්‍ර කරගෙන ලබන මස 02, 03, සහ 04 යන දිනයන්හිදී ආරම්භ කරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පුවත්පතකට සඳහන් කර තිබෙනවා.

බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ ආසන 09 කට අයත් පළාත් පාලන ආයතන 18 ක්‌ නියෝජනය කරමින් ආරම්භ කෙරන මෙම වැඩසටහනින් අනතුරුව අනෙකුත් දිස්‌ත්‍රික්‌කවලටද මෙය ව්‍යාප්ත කරන බවයි  හෙතෙම සඳහන් කර ඇත්තේ.

ආණ්‌ඩු විරෝධී පුළුල් ජාතික ව්‍යාපාරය සඳහා මන්ත්‍රීවරුන්, විද්වතුන්, ගොවි සංවිධාන, විශ්වවිද්‍යාල ඇතුළු සෑම ක්‍ෂේත්‍රයක්‌ම නියෝජනය කරමින් සහභාගි වන ලෙස විවෘත ආරාධනයක්‌ කරන බවද ඔහු පවසනවා.

ජාතික බලවේගය සඳහා නමක්‌, ලාංඡනයක්‌, සහ පාට මේ වන විට තීරණය කර තිබෙන බවත් එය ඉදිරියේදී රට හමුවේ ප්‍රකාශයට පත්කරන බවත් රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් එහි සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා සඳහන් කර ඇති කරුණු පහතින් දැක්වෙනවා.

“ජාතික බලවේගය සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා (23 ) සාකච්ඡා පැවැත්වුණා. ඒ සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක්‌ අදත් (27 ) පැවැත්වෙනවා.මෙම ජාතික බලවේගය පිහිටුවීම තුළින් බැසිල් රාජපක්‍ෂ මහතා සමග පැවැති මත ගැටුම්ද විසඳා ගැනීමට හැකිවුණා.

ආණ්‌ඩුව විසින් ජනතාව පීඩාවට පත්කරමින් වැට්‌ බද්ද වැඩි කිරීම, පොහොර සහනාධාරය කපා දැමීම ඇතුළු විවිධ වැඩපිළිවෙළට එරෙහිව මෙම බලවේගය ක්‍රියාත්මක කරනවා.එය තවත් ශක්‌තිමත් කිරීමට මහනුවර සිට කොළඹට දැවැන්ත පා ගමනක්‌ පැවැත්වීමටද තීරණය කර තිබෙනවා”