Friday, July 20, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

රටම කතා කරන ‘’යස ඉසුරු ‘’ සමඟ ඔබේ අනාගත සිහින සැබෑ කරගන්නේ මෙහෙමයි .!

20211Views

අපි හැමෝටම සැබෑ කරගන්න හීන තියෙනවා. සමහරු ඒ හීන සැබෑ කරගන්නවා. තවත් සමහරු ඒ හීන සැබෑ කරගන්න උත්සාහ කරනවා. ඒ වගේ සිහින සැබෑකරගන්න නම් අධිෂ්ඨානය,කැපවීම , උත්සාහය වගේ ගුණාංග අපේ ජීවිතයට ඇතුලත් කරගන්න ඕන. ඒ අතර අමතක නොකල යුතුම දෙයක් තියෙනවා. ඒ තමයි ඉතිරි කිරීම.

දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දෙමාපියන් ඉතිරි කරනවා, අනාගතේදි වාහනයක් ගන්න, ගෙයක් හදාගන්න මේ වගේ එකී නොකී බොහෝ දේවල් වෙනුවෙන් අපේ සමාජයේ මිනිසුන් මුදල් ඉතුරු කරන්න පුරුදු වෙලා ඉන්නවා. ජීවිතයට යස ඉසුරු කැන්දාගන්නට සිදු කරන මේ ඉතිරි කිරීමේ පුරුද්ද ඉතාමත් වැදගත්.

ඒ වගේම බොහෝ දෙනා ඉතිරි කරන්නට විවිධ තැන්පතු ක්‍රම භාවිතා කරනවා. මේ අතරින් හොඳම තැන්පතු ක්‍රමය ගැන දැනගෙන විශ්වාසවන්ත තැනක මුදල් තැන්පත් කිරීම ඔබගේ වටිනා මුදල්වල ආරක්ෂාවට බොහෝ වැදගත්වෙනවා. ඒ නිසාම වර්තමානය වන විට බොහෝ පිරිස් ස්ථාවර තැන්පතු හරහා ඉතිරි කිරීමට පෙළඹී සිටිනවා.

මේ හරහා බොහෝ පිරිස් ඉතාමත් බුද්ධිමත්ව තමන්ගේ මුදල් තැන්පත් කරන ආකාරයක් අපිට පෙනී යනවා. මොකද ස්ථාවර තැන්පතු හරහා ස්ථාවර පොලී අනුපාතයක් යටතේ තමන්ට කැමති කාලසීමාවකට මුදල් තැන්පත් කිරීමට හැකියාව ලැබෙන නිසා තැන්පතු කාලය අවසානයේ ලැබෙන මුදල ගැනත් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ නිසා ඔබගේ අනාගතය සැළසුම් කරගන්න ඔබට හැකියාව ලැබෙනවා.

අපි හිතමු ඔබ 2020 අවුරුද්දෙ ඔබගේ විවාහ උත්සවය සමරන්න, එහෙමත් නැත්තම් ගෙයක් හදන්න මේ වගේ දෙයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා. එහෙමනම් ඔබ මේ වසරේදී වසර දෙකක ස්ථාවර තැන්පතුවක් දාලා අවුරුදු දෙකකට පස්සෙ ආකර්ෂනීය පොළියකුත් එක්ක ඔබ තැන්පතු කල මුදල ලබා ගන්න පුළුවන්.

අනෙක් හැම ඉතිරි කිරීමේ ක්‍රමවේදයකටම වඩා ස්ථාවර තැන්පතු ක්‍රමය ඉතාමත්ම විශ්වාසවන්ත ක්‍රමයක් කියලා අපි ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැ. නමුත් ස්ථාවර තැන්පතු සඳහා මූල්‍ය ආයතනයක් තෝරා ගනිද්දි  විශ්වාසනීයත්වය, ස්ථාවර තැන්පතු අනුපාතයන්, කල් පිරීමේදී ඉක්මන් ආපසු ලබා ගත හැකි වීම, මේ වගේ ගොඩක් දේවල් ගැන හිතලා බලන්න ඕන. ඒ සඳහා වත්මන් මූල්‍ය වෙළඳපොලේ තියෙන හොඳම තැන එල්.බී ෆිනෑන්ස් බව මේ වන විට මුල්‍ය ක්ෂේස්ත්‍රය හා සම්බන්ධව සිටින බොහෝ දෙනා හඳුනාගෙන තිබෙනවා.

ඒ වගේම එල්.බී ෆිනෑන්ස් හඳුන්වාදෙන එල්.බී ෆිනෑන්ස් යස ඉසුරු ස්ථාවර තැන්පතු ගිණුම නිසා ඔබට 100% ක විශ්වාසනීයත්වයේ සහතිකයක් ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි ඉහත කියපු වාසි රැස සමඟ ඔබගේ තැන්පතු වලට ක්ෂණික ණයක් ලබා ගැනීමේ පහසුකම, සුහදශීලී පාරිභෝගික සේවාව ඇතුලු වාසි රැසක් එල්.බී ෆිනෑන්ස් යස ඉසුරු හරහා ඔබට ලඟා කරගන්න පුළුවන්.

ඒ නිසා අනාගතය වෙනුවෙන් බුද්ධිමත් අයෝජනයක් කරන්න ස්ථාවර තැන්පතු තැන්පතුවක් හරහා මුදල් ඉතිරි කරන්න වගේම ඒ සඳහා එල්.බී ෆිනෑන්ස් යස ඉසුරු ස්ථාවර තැන්පතු ක්‍රමය තෝරාගන්නත් අමතක කරන්න එපා..!

GALLERY

Hasini's 20th Birth day

5131
2018-07-19

Narmadha Yapa Abewardena

1971
2018-07-18

INAMI

954
2018-07-18

Rashmi Madushika

864
2018-07-18