Wednesday, May 23, 2018
- 0770586666

ජාත්‍යන්තරය ජය ගැනීමට කැමති තරුණ තරුණියන්ට P D Entertainment අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතා සුවිශේෂී අවස්ථාවක් ලබාදෙයි.

4345Views

ලංකාවේ සුරූපී රූප රැජිනියන් සහ කඩවසම් තරුණයන් තේරීමේ තරඟාවලියක් මේ දිනවල කාගේත් කතා බහට ලක් වෙලා තියනවා. Mister Ocean Sri Lanka to  Mister Ocean International  2018 (China) තරඟයටත් Global Charity Queen  2018(Taiwan),The Young  Beauty Of Sri Lanka 2018, Miss Tourism Sri Lanka To Miss Tourism World  2018 මෙම තරඟ ජයග්‍රහණය කරන සුරූපී තරුණියන් සහ කඩවසම් තරුණයා ලංකාව නියෝජනය කරමින් චීනයේ සහ තායිවානයේ  පැවැත්වීමට නියමිත අන්තර් ජාතික තරඟ සඳහා යොමු කිරීම සිදුකෙරේ.

ජාත්‍යන්තරය ජය ගැනීමට සිහින මවන තරුණ පරම්පරාවට  මෙය ඉතාමත් සුවිශේසී අවස්ථාවක් වන්නේ මේ සඳහා ප්‍රථම වතාවට සංචාරක අමාත්‍යංශයේ අනුග්‍රාහකත්වය නොඅඩුව ලැබිමයි . මේ සුවිශේෂී අවස්ථාව ලාංකීය තරුණ තරුණියන්ට ලබා දෙන්නේ  Mr  Elegant International France 2017, Mr Ceylon majestic 2017 තරඟ ජයග්‍රහණය කරමින් ලංකාවට සුවිශේෂී ජයග්‍රහණයක් අත්පත් කර දුන් කළුබෝවිල චීන කටු වෛද්‍ය සායනයේ අධ්‍යක්ෂක මෙන්ම පී ඩි එන්ටට්‍රේට්මන්ට් හි අධ්‍යක්ෂක  වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතාය.

මෙම තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන්නේ  Miss Tourism Sri Lanka වන අතර එයින් තෝරාපත් කරගන්න පිරිස Miss Tourism World  2018 තරඟය සඳහා චීනයට යවනු ඇත.

ඊට අමතරව Mister Ocean Sri Lanka to  Mister Ocean International තරඟයටත් Global Charity Queen  2018 ,The Young  Beauty Of Sri Lanka 2018 තරඟයටත් සහභාගී වීමට නියමිතය.

මෙහි දී විනිශ්ය මණ්ඩලය සඳහා ලංකාවේ ප්‍රවීන කළාකරුවන් සහභාගි වන අතර එමෙන්ම මෝස්‌තර නිරුපන ක්ෂේත්‍රයේ නමක් දිනා ගනිමින් තරුණ තරුණියන්ට නිවැරදි ආකල්පයන් ලබා දීමට සේනකද සිල්වා මහතාව ප්‍රධාන පුහුණු කරු ලෙස සහාභාගී කර ගැනීම ද තවත් සුවිශේශි  කරුණකි.මෙහිදී වෙන කිසිදු තරගාවලියකදී නොදුන් වටිනා ත්‍යාගයන් රැසක් ලබා ගැනීමේ අවස්ථාවද මෙම තරග කරුවන්ට හිමි වේ.

ජුනි මස 16 වන දින මෙහි අවසන් තරඟය ඉතාමත් උත්කර්ශවත් අන්දමින් ගලදාරි හෝටලයේ පැවැත්වෙන අතර මේ සඳහා ආරාධිතයන් වශයෙන්  මේ දිනවල කාගේත් කතාබහට ලක්වෙන IPL තරගාවලිය සඳහා තරඟ වදින ඉන්දියානු ජනප්‍රිය  ක්‍රිකට් ක්‍රීඩකයෙක් ද සහභාගී වීම ඉතාමත් සුවිශේෂී අවස්ථාවකී , තවද ඇමරිකාවේ ජනප්‍රිය ගයිකාවක් මෙන්ම .යුරෝපයේ ඉතා ඉහල පෙලේ මෝස්‌තර නිරුපිකාවන් පිරිසක්ද අවසන් මහා තරගයට සහභාගී වීමට නියමිතව ඇත.

ඒ සඳහා වැඩි දුර තොරතුරු දැනගැනීමට අමතන්න නදී 0776345424

 

YOU MAY ALSO LIKE