Friday, July 20, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

" පාසල් ළමයින්ට කුඩු විකුණපු පාතාලයගෙ ගෙදරටම ගිහින් වැඩේ නැවැත්තුවා, මදුෂ් කියන්නෙ හැංගිලා ඉන්න චන්ඩියෙක් " පාතාලය එක්ක තනියම ඔට්ටු වෙන ගම්පහ ඔස්මන් කතා කරයි .!

33040Views

 

ගම්පහ ප්‍රදේශයේ පාතාලයට එරෙහිව කටයුතු කරනා පුද්ගලයෙකු පිළිබදව ඔස්මන් නම් පුද්ගලයෙකු පිළිබදව පසුගිය දිනවල කතාබහට ලක්ව තිබුනා. 
පුවත්පතක් සමග සංවාදයකට එක්වූ ගම්පහ ඔස්මන් නමින් හදුන්වන මෙම පුද්ගලයා පාතාල ලෝකය පිළිබදව බොහෝ දේ හෙලි කර තිබුනා.
එම සංවාදය පහතින් ,

"ගම්පහ ඔස්මන්ට මිනිස්සු බයයි... ඇයි ඒ...?

මට බය කුඩු විකුණන, කුලියට මිනී මරණ, කප්පම් ගන්න මිනිස්සු වෙන්න ඇති. අසාධාරණ වැඩ කරන අය වෙන්න ඇති. බොරු කරන මිනිස්සු වෙන්න ඇති.

ඔබ බොරු කරන්නේ නැද්ද?

නැහැ. මිනිස්සු අමාරුවේ වැටෙන අසාධාරණ විදියට සල්ලි හම්බ කරන විදිහෙ බොරු මම කරලා නැහැ. ඒත් මුල් කාලේ අවුරුදු දෙකක් විතර මම අරක්කු වික්කා... ඒක ගැන මම අදත් ලොකුවට කම්පා වෙනවා.

නමුත් ගම්පහ ඔබට එරෙහි අයට හිරිහැර කරලා බේරෙන්න ඔබ බොරු කරන බව පොලිසිය පවා කියනවා?

මම පොලිසියේ ඉන්න සියලු නිලධාරීන්ට ඇඟිල්ල දිගු කරන්නේ නැහැ. පොලිසියේ අවංක නිලධාරි මහත්තුරු ඉන්නවා. ඒ අයව මම හොඳට දන්නවා. ඒත් පොලිසියේ සමහරු එහෙම නැහැ. මේ ගම්පහ පොලිස් බල ප්‍රදේශයේත් එහෙම එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. ඉතිං මොනවා හරි සිදුවීමක් වුණාම ඒ අය මට ඇඟිල්ල දිගු කරනවා.

පසුගිය කාලේ එහෙම දේවල් වුණා. උදම්මිට සමරේ මරපු වෙලාවේ ඒ චෝදනාව මට හරවන්න උත්සාහ කළා. ඊළඟට මාව මරන්න ආපු කණ්ඩායමක් ආයුධ එක්ක අසු වුණාම ඒ ආයුධ ගම්පහ ඔස්මන්ගේ, එය විරුද්ධවාදීන්ව මරන්න ගෙන්වපුව කියලා මට ඇඟිල්ල දිගු කරන්න තරම් ඒ මහත්තුරු පක්ෂග්‍රාහී වුණා.

ඔබට පසුගිය අවුරුද්දෙත් ආයුධ සන්නද්ධ පිරිසක් වෙඩි තැබුවා...? මොකද එහෙම වෙන්න හේතුව...?

ඔය සිදුවීමට ආසන්නතම හේතුව තමයි මගේ ප්‍රදේශයේ කුඩු හා මත්පැන් විකුණන්න ඉඩ නොතැබීම. පස්යාල පැත්තේ ඉස්කෝලයක් ළඟ මත්පෙති විකුණනවා කියලා මට වතාවක් දැනගන්න ලැබුණා. මම ඒ ව්‍යාපාරිකයා සොයාගෙන ගියා. ගිහින් කියල ආවා. ආපහු මම කියන්නේ නැහැ කරුණාකරල ඔය දරුවන්ට මත්පෙති විකුණන එක නවත්වන්න කියලා. මේ මත්පෙති ව්‍යාපාරය පිටුපස ඉන්නේ මාකිලන්ගමුවේ සංජීව. මිනිහා දැන් ඉන්නේ හිරගෙදර. මිනීමැරුම්, මංකොල්ලකෑම් හා කප්පම් ගැනීමේ සිදුවීම් කීපයක්ම ඔහුට විරුද්ධව තිබෙනවා.

"මෙයා මේ මත්පෙති ව්‍යාපාරයට සම්බන්ධ බව මම මුලින් දැනගෙන හිටියේ නැහැ. නමුත් මාව ඝාතනය කරන්න සැලසුම් කරලා ඒක වැරැදිලා පොලිසියට ආයුධත් එක්ක ඒකට සම්බන්ධ පිරිස අහු වුණාම තමයි මම මේ සිදුවීම හරියටම දැන ගත්තේ. හැබැයි ඒ සිදුවීමේදීත් අර නීතිය රකින්න ඉන්න කෙනෙක් උත්සාහ කළේ මම මට වෙඩි තියන්න ආපු වාහනයට වෙඩි තියන්න හැදුවා. ඒ වෙඩි පහරවල් තමයි මගේ වාහනයේ තිබෙන්නේ කියලා ඔප්පු කරන්න. ඒත් රස පරීක්ෂක වාර්තාවෙන් හරියටම සිදුවුණු දේ පසුව පොලිසිය තේරුම් ගත්තා. මගේ ජීවිතයට තර්ජන වැඩියි. වතාවක් මම නැති වෙලාවක මගේ ගෙදරට ඇවිත් අට දෙනෙක් වෙඩි තිබ්බා. අහල පහළ ගෙවල්වල අයගේ දේපළ පවා කොල්ල කාගෙනයි ඔවුන් ගියේ.

"මම පසුව මේ ආපු අයව හොයාගෙන ඒ ගෙවල්වලටම ගියා.... ගෙවල්වල අයට තර්ජනය නොකර අර ආපු පිරිසට බොහොම හොඳින් කිව්වා ආපසු එන්න එපා කියලා. හැබැයි පසු දවසක ඒක මෙහෙයවපු ප්‍රධාන පුද්ගලයා ඝාතනය වී තිබුණා."

කුඩු ව්‍යාපාරිකයන්ට හා කප්පම්කරුවන්ට උදවු කරන නීතිය කරවන අය ඉන්න බවද ඔබ මේ නොකියා කියන්නේ?

ඔව්... ඉන්නවා. ඔවුන් හැම විටම කප්පම්කරුවන් හා කුඩු ව්‍යාපාරිකයන් වගේම පාතාල ලෝකයේ බොරු චණ්ඩි එක්ක සබඳතා පවත්වනවා. නමුත් ඉතා හොඳ අවංක නිලධාරීන් ඒ අතර ඉන්නවා. එහෙම මහත්තරු මට හමුවී තිබෙනවා. බන්ධනාගාරය ඇතුළෙත් එහෙම අය ඉන්න බව මම දන්නවා. බන්ධනාගාරවලින් අඩුම ජංගම දුරකතන පාව්චිචි කරන සිරකරුවෝ ඉන්නේ මහර බන්ධනාගාරයේ. එතැන නීති තදයි. නමුත් වැලිකඩ බන්ධනාගාරයේ එහෙම නැහැ. පතාල ලෝකයේ මැරයන් ටෙලිෆෝන් තුන හතර ඇතුළේ ඉඳන් පාවිච්චි කරනවා. සමහරු ඒවා තියාගෙන හැම මැරකමක්ම, ව්‍යාපාරයක්ම සංවිධානය කරනවා. අද මේ පළාතේ සිද්ධවෙන හැම ජරා වැඩක්ම සිද්ධවෙන්නේ බන්ධනාගාරය ඇතුළේ ඉඳගෙන දෙන අණ කිරීම්වලින්. මාව මරන්න වෙඩි තියපු වෙලාවේ මේ අය මම මැරුණ කියලා හිතාගෙන ලොකු සතුටකින් උඩ පැන්නලු. මැරුණේ නැහැ කියලා දැන ගත්තාම ශෝක වුණාලු. මටත් ඔය ආරංචි හිරගෙදර ඇතුළෙන් එනවා.

ඒ කියන්නේ ඔබටත් ඔය හැම තැනකම සම්බන්ධකම් තිබෙනවා?

ඔව්. හොඳ නිලධාරීන් මා එක්ක ඉන්නවා. හැම තැනකම එහෙමයි.

ඔබට දේශපාලන නායකයන් සමඟ තිබෙන සබඳතා මොනවද?

සබඳතා තිබෙනවා. හැබැයි ඇල්පෙනිත්තක තරම් දෙයක් මම ඔවුන්ගෙන් ලබාගෙන නැහැ. ටෙන්ඩර්වලට අයැදුම් කරලා නැහැ. මම ඒක බය නැතිව කියනවා.

ඔබ ඔවුන්ට උදවු උපකාර කර තිබෙනවද?

ඔව්. පුංචි උදාහරණයක් කියන්නම්. ගම්පහ නගරාධිපති වුණු එරංග සේනාරත්න මහත්තයා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඡන්දය ඉල්ලන්න ආවේ යූ.එන්.පි. යේ ඉඳලා. ඒ කපුකම කළේ මම. මේ වෙලාවේ එරංග සේනාරත්න මහත්තයා එක්ක යූ.එන්.පි. යේ ඉඳලා ආවේ 1,200ක විතර පිරිසක්. මම ඔහු වෙනුවෙන් පෙනී සිටියා. ගෙයක් ගෙයක් ගාණේ ගිහින් කිව්වා මට කිසියම් හෝ හිතවත්කමක් තිබෙනවා නම් එරංග මහත්තය නගරාධිපති කරන්න කියලා. අන්තිමට ඔහු ඡන්ද 24,000ක් ලබා ගත්තා.

ඇයි මිනිස්සු ඔබේ කීමට සලකන්නේ?

මම ඒ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින නිසා. එක වතාවක් මගේ ගෙදරට ඇවිත් මැරයන් වෙඩි තියලා ගිය වෙලාවේ ඒ ආරංචියට අට දාහකට වැඩි පිරිසක් මේ වටපිටාවේ එකතු වුණා. ඒ වගේම මාව මරන්න කවුරු හරි වටපිටාවේ සැරිසරනවා නම් ඒ ආරංචිය පවා ඔවුන් මට කතා කරලා ඉක්මනින්ම කියනවා. වතාවක් එහෙම කණ්ඩායමක් ඇවිත් කැරකෙන කොට මම මගේ යාළුවෙක් ලවා පොලිසියට කතා කරලා කියෙව්වා. ආයුධ ගත් කණ්ඩායමක් වාහනයකින් ගමන් කරනවා කියාලා. "මම එහෙම කළේ මම කිව්වොත් ඒක ගණන් නොගනීවි කියලා හිතලා. අන්තිමට පොලිසිය ඒ වාහනය අත්අඩංගුවට ගත්තා ටී. 56 ගිනි අවි සමඟ.

ගම්පහ පාතාලය ඉවරයි කියලා පසුගිය කාලේ මාධ්‍ය වාර්තාවල පළවුණා?

නැහැ. පොලිසිය එහෙම කියන්නේ පාතාල ලෝකයේ බොරු චණ්ඩින්ව සිරභාරයට ගත්ත නිසයි. පොලිස් අත්අඩංගුවට පත්වුණා කියලා මේවා ඉවර වෙන්නේ නැහැ. ඔවුන් හිර ගෙදරට ගිහින් දුරකතනවලින් මේ සියල්ල යළිත් ගෝලබාලයෝ ලවා සිදුකරනවා. මෑතකදී යළිත් වතාවත් මාවයි, මගේ පුතාවයි මරන්න ඔවුන් සැලසුම් කර තිබුණෙත් ඒ විදියටයි. මගේ එකම පුතා ජීම් එකට යද්දි ඔහුට වෙඩි තියලා ඊළඟට ඔහුව බලන්න රෝහලට එද්දි මට වෙඩි තියන්නයි මේ මැරයෝ සැලසුම් කර තිබුණේ. නමුත් මට ආපු ඔත්තුව නිසා ඒක මඟහැරුණා.

ඔබට විරුද්ධ දේශපාලනඥයෝ පවා ගම්පහ ඉන්නවා?

මට විරුද්ධව වැඩ කරන්නේ ගම්පහ බල ප්‍රදේශයේ මැරකම්, කප්පම් හා වංචා දූෂණවලට සම්බන්ධ දේශපාලනඥයෙක්. (ඔහු නම කියයි) මේ දේශපාලනඥයා ළඟ හිටපු මැරයෝ තමයි මට වෙඩි තියන්න ඇවිත් ආයුධ සමඟ පොලිසියට හසු වුණේ. ඊට පස්සේ ඔහු කිව්වා මම මුකුත් දන්නේ නෑ කියලා. මෙයාගේ ගෝලයෝ තමයි ගම්පහ සිදුවෙන අකටයුතුකම්වලට, මැරකම්වලට හුඟක් සම්බන්ධ.

වරක් ඔබ එල්.ටී.ටී.ඊ. නායකයෙක්ව හිටපු ජනාධිපතිතුමා ළඟට රැඟෙන ගිය කතාවක් අපට දැනගන්න ලැබුණා?

ඔව්. ඒක වුණේ නැඟෙනහිර පළාත් සභා ඡන්දය වෙලාවේ. අක්කරපත්තුවේ කැලෑවක සිටි 'භාරතී' කියන කොටි සාමාජිකයාට වුවමනා වුණා එල්.ටී.ටී.ඊ. එකෙන් ඉවත් වෙලා හිටපු ජනාධිපතිතුමාට උදවු කරන්න. ඒ වෙලාවේ අක්කරපත්තුවේ සිටි මේ භාරතී කියන තැනැත්තාව රැඟෙන එන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. අන්තිමට හිටපු ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩලයේ හිටපු මට හිතවත් නිලධාරියෙක් මේ බව මට කිව්වා. මම ඒ අභියෝගය භාර ගත්තා. ගිහින් භාරතීව ආරක්ෂා සහිතව රැඟෙන ආවා. මේ කාරණය දැන ගත්තට පසුව චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මහත්වරු පවා මා සමඟ හිතවත් වුණා. මත්ද්‍රව්‍ය වටලන වෙලාවේ ගෝඨාභය මහත්තයටත් මම උදවු කරලා තිබෙනවා. හැබැයි ඒ අය වෙනුවෙන් වැරැදි වැඩ මම කරලා නැහැ.

ඔබ මරණය ගැන හිතනවද? මරණයට බයද?

මම පතාල ලෝකයේ කෙනෙක් නෙවෙයි. ඒ අයට වයස අවුරුදු 50 පන්නන්න බැහැ. මට දැන් අවුරුදු 61යි. මරණය පෙනී පෙනී මම ජීවත් වුණා. හෙටත් එහෙමයි. මරණයට මම බය නැහැ. දෙවියන් වහන්සේ කතා කරන වෙලාවට යනවා. උන්වහන්සේ ගැන මට ලොකු විශ්වාසයක් තිබෙනවා.

මධුෂ්ව දන්නවද? ඔහුනේද පාතාල ලෝකයේ දැන් කෙරුමා?

මම ඔධුෂ්ව දන්නේ නැහැ. හැබැයි හැංගිලා ඉන්න චණ්ඩියෙක් කියලා දන්නවා.

ඔව්... මම ඔළුවේ කැක්කුමකටවත් බෙහෙත් පෙත්තක් බොන්නේ නැති කෙනෙක්. අරක්කු සිඟරැට් කවදාවත් බීලා නැහැ. තවමත් මම පැයක් එක දිගට දුවලා ව්‍යායාම් කරනවා.

YOU MAY ALSO LIKE

GALLERY

Hasini's 20th Birth day

5131
2018-07-19

Narmadha Yapa Abewardena

1969
2018-07-18

INAMI

954
2018-07-18

Rashmi Madushika

864
2018-07-18