Friday, July 20, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

රජයේ නිළධාරියෙක් සිහිනයකිනිදු හෝ නොසිතන මුදලක් - කෝටි 2 අල්ලස පිටුපස ප්‍රබල දේශපාලන හස්තයක් ?

16354Views

 

ජනාධිපති කාර්ය මණඩල ප්‍රධානී ආචාර්ය අයි. එච්. කේ. මහනාම මේ වනවිට කල්ගත කරන්නේ රක්‍ෂිත බන්ධනාගාර ගතවය. තම රාජකාරියට පරිබාහිරව කරන්නට ගිය පරණ යකඩ අලෙවි කිරීමේ ජාවාරමක්‌ අතේ පත්තු වීම හේතුවෙන් ආචාර්ය මහනාමට බන්ධනාගාරගත වීමට සිදුවන්නේ ඉකුත් 03 මධ්‍යම රාත්‍රිය ආසන්න වීමත් සමඟය.

ඔහුත් සමඟ තවත් පුද්ගලයෙක්‌ මෙම මගඩියට සම්බන්ධ වන්නේ ය. හේ රාජ්‍ය දැව සංස්‌ථාවේ වත්මන් සභාපති ලෙස වගකීම් සහගත රැකියාවක නියුතු පී. දිසානායකය. කොළඹ පිහිටි තරු පහේ හෝටලයක්‌ තුළ සිදු කිරීමට ගිය මහා පරිමාණ අල්ලස්‌ ගනුදෙනුවක සැකකරුවන් ලෙස මොවුන්ව අත්අඩංගුවට ගනු ලබන්නේ අල්ලස්‌ හෝ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක්‌ විසින් ය. අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා අල්ලස වශයෙන් ලබා ගැනීමට නියමිත වූ මුදල රුපියල් ලක්‍ෂ දෙසීයක්‌ ය.

ඉහළ පෙලේ රාජ්‍ය නිළධාරීන් දෙදෙනෙක් අල්ලස් චෝදනාවකට මෑත කාලයේ අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාවද මෙය වූ අතර, පසුගිය (09 )දා තීන්දුවක් දුන් අධිකරණය ඔවුන් ලබන 22 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය..එහිදී  අයි.එච්.කේ. මහනාම මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට පැවසුවේ, තම සේවා දායකයා උග්‍ර හෘද හා ඇදුම රෝගී තත්ත්වයකින් පෙළෙන බව ය.ඊට විරෝධය දැක්වූ අල්ලස් කොමිසම පැවසුවේ, සැකකරුවන්ට ඇප ලබා දුන්නොත් එය විමර්ශනවලට බාධාවක් විය හැකි බව ය.කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.

අත්අඩංගුවට ගැනුණු අයි. එච්. කේ.මහානාම, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස මෑතකදී පත්වීම් ලද රාජ්‍ය නිලධාරියෙකි.එම පත්වීම ලැබීමට පෙර ඔහු ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ක්‍රියා කළේය. ඒ හිටපු ඉඩම් අමාත්‍ය එම් කේ ඩී එස් ගුණවර්ධන මහතාගේ කාලයේ පටන්ය. කෙසේ වෙතත් අයි. කේ. එච් මහානාම පවසා තිබුණේ හිටපු ආමාත්‍යවරයා ආයෝජකයන්ගේ මුදල් ඉල්ලන ලෙස පැවසූ බවය.

කන්තලේ සීනි කර්මාන්තායතනය කලක්‌ තිස්‌සේ වල් වැදී දිරාපත් වෙමින් තිබුණ අවදියක  බලාපොරොත්තු සහිතව මෙරට ජනතාව විසින් යහපාලන ආණ්‌ඩුවක්‌ පත් කර ගන්නා ලදී. එහි ප්‍රතිඵලයක්‌ ලෙස අභිනවයෙන් පත් කළ යහපාලන ආණ්‌ඩුවේ ඉඩම් අමාත්‍යවරයා වූ ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන විසින් කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ප්‍රතිව්‍යුහගත කිරීම පිණිස රජය වෙත යෝජනාවක්‌ ගෙනෙන ලදී.

ඒ අනුව යහපාලන රජය පත් වී දින කීපයකින් අනතුරුව 2015.01.18 වැනි දින ජනාධිපතිවරයා විසින් අංක 1897/15 දරන අති විශේෂ ගැසට්‌ පත්‍රය මඟින් කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යැම ඉඩම් අමාත්‍යාංශය වෙත පවරන ලදී.

අවමගුලෙනුත් ගසා කෑවා

කෙසේ වෙතත් මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු අමාත්‍යවරයාගේ පුත් නලීන් ගුණවර්ධන පැවසීය. මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයාගේ පුත් නලින් ගුණවර්ධන මහතා කියා සිටියේ තම පියා මරණ මංචකයේදී සීනි කර්මාන්ත ශාලාවේ ආයෝජකයින්ගෙන් මුදල් ඉල්ලන ලෙස අයි. කේ මහානාම මහතා විසින් කර ඇති ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බවය. තමන් තම පියාගේ සම්බන්ධීකරණ ලේකම් වරයා ලෙස කටයුතු කළ බවත් එවැනි අල්ලස් ගැනීමේ සිදුවීම් වලට තම පියා කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවූ බව තමාට සහතික වශයෙන් කිව හැකි බවද සඳහන් කළේය.

තම පියා වූ එම් කේ ඩී එස් ගුණවර්ධන මහතා අසනීපව සිටියදී එංගලන්තයේ වෙසෙන තම නැගණිය සමඟ නතරවී ප්‍රතිකාර ලබාගත් බවත්, එම කාලය තුළද තමන් තම පියා සමඟ සිටි බවත්, එක් අවස්ථාවක කළුතර බොධියේ ඉඩම් ඔප්පුව ලබාදීම සඳහා ඊට තම පියාගෙන් අත්සන් ලබාගැනීමට මහානාම මහතා එංගලන්තයට පැමිණි බවත් නලින් ගුණවර්ධන එහිදී පැවසීය. එම ගමනේදී පවා මහානාම මහතාගේ වැඩි අවධානයක් යොමු වූයේ ආයෝජකයෙකු සොයාගැනීම බවද, තම පියාගේ අත්සන් ලබාගැනීමට වඩා ඔහු ආයෝජකයෙකු සොයා ගැනීම සඳහා වෙහෙසුනු බවද නලින් ගුණවර්ධන මහතා මෙහිදී කීය.

තම පියාගෙන් පසුව ජෝන් අමරතුංග අමාත්‍යවරයා ගේ සමයේ මෙම යකඩ ටෙන්ඩරය නාවුක හමුදාවේ ඉහළ පුද්ගලයෙකුගේ බිරිඳකට මෙම ටෙන්ඩරය ලබාදීමට උත්සහ කළ බවන් පසුව ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයාගේ සමයේ එම අවස්ථාව ඇහිරී ගිය බවත් පෙන්වා දුන් නලින් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසූයේ තම පියා මියයන විට ඉඩම් රෙජිස්ටාර් කොමිසමේ පැරණි නිල නිවසක ජීවත්වූ බව ද පැවැසීය. තම පියා මියයාමෙන් පසු අවසන් කටයුතු වලින් පවා මෙම මහානාම නැමති නිලධාරියා මුදල් ගසාකෑ බව කීම තමන්ට ලැජ්ජාවක් බව ද නලින් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

මෙම නිලධාරීන්ට අයත් මහල් නිවාස කොළඹ ටොරින්ටන් වල පිහිටා ඇති බවටත්, ශ්‍රී ජයවර්ධන පුර සරසවිය ආසන්නයේද නිවාස පිහිටා ඇති බවටත්, මාතර නගරයේ ගොඩනැගිලි ඇති බවටත් එම පරීක්ෂණ වලදී කරුණු හෙළිදරව් වනු ඇති බවද මෙහිදී සඳහන් විය.එමෙන්ම මෙය පිටුපස ලංකාවේ ඉහළ පෙලේ නීතඥවරුන්ද සිටින බවද අවධාරණ කෙරිණි.

අල්ලස් ගැනීම පිටුපස දේශපාලන හස්තයක්

මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ අනෙක් පුද්ගලයා වන්නේ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියදාස දිසානායක නැමැත්තාය.ඔහු මෙරටේ ඉහළම දේශපාලන ප්‍රභූවරයෙකුගේ ඉතාමත් සමීපතයෙකු බවද වාර්තා වෙයි.එපමණක් නොව ඔහුගේ පවුලේ සමාජිකයන් මෙම ප්‍රභූවරයා සහ ඔහුගේ පවුලේ උදවියත් සමග සමීපතම සම්බන්ධතා පවත්වා ඇති බවද නෙත් ගොසිප් වෙත වාර්තාවෙයි.

අත්අඩංගුවට පත්වූ පී දිසානයකගේ පුත්‍රයා එම ප්‍රභූ පවුලේ පුතණුවකුගේ අතිජාත මිත්‍රයෙකු බවත්,එම මිතුරු සම්බන්ධතාවේ පිහිටෙන් පසුගිය සමයේ යහමින් විදෙස් සංචාරද පවා හිමි වී ඇති බව තතු දන්නෝ පවසයි.පී දිසානායක සහ ටී. කේ. මහනාම ඉන්දියානු ජාතිකයාගෙන් පළමුව කෝටි 54ක අල්ලසක් ඉල්ලා තිබුණු අතර එවන් අල්ලසක් රාජ්‍ය නිළධාරියෙකු සිහිනයෙකින් හෝ ලබාගැනීමට නොසිතන මුදලක් බවත්, එවන් මුදලක් ඉල්ලීමේ පිටුපස දැවැන්ත දේශපාලන හස්තයක් ක්‍රියාත්කමක වූ බවට තොරතුරු වාර්තාවෙයි.
 

YOU MAY ALSO LIKE

GALLERY

Hasini's 20th Birth day

5132
2018-07-19

Narmadha Yapa Abewardena

1974
2018-07-18

INAMI

954
2018-07-18

Rashmi Madushika

864
2018-07-18