Friday, July 20, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"දෙවියෙක්ද? පිටසක්වල ජීවියෙක්ද?" විචාරකයන් මවිත කරමින් පාපන්දුවේ රජු ලියො මෙසී පස්වෙනි වරටත් "ගෝල්ඩන් ශූ" සම්මානය අභියස .!

8786Views

 

යුරෝපියානූ පාපන්දු ලීගයන්හී තරග වාරයක ඉහලම ගෝල ලබා ගන්නා ක්‍රීඩකයාට ලබා දෙන "යුරෝපියානු ගෝල්ඩන් ශූ" සම්මානය මෙවරත් ස්පාඤ්ඤයේ බාසීලෝනා ක්‍රීඩා සමාජය නියෝජනය කරනා ලයනල් මෙසීට හිමි වීමට නියමිතව තිබේ.

මෙවර 2017/18 තරගවාරයේ ස්පාඤ්ඤ ලා ලීගා ශූරතාවය දිනා ගත් බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් ලයනල් මෙසී දැනටමත් ගෝල 34ක් ලබා ගෝල්ඩන් ශූ සම්මාන තරගයේ ඉදිරියෙන්ම සිටි. ලයනල් මෙසීට ස්පාඤ්ඤ ලීගයේ තවත් තරගයක් ඉතිරිව තිබෙනා අතර දෙවන ස්ථානයේ පසුවන එංගලන්ත පාපන්දු ලීගය නියෝජනය කරනා ලීවර්පූල් කණ්ඩායමේ මොහොමඩ් සාලා ලබා ගෙන තිබෙන ගෝල ගණන ගෝල 32කි. නමුත් ඔහුට තවත් තරග ඉතිරිව නැත.

මේ අනුව පස්වෙනි වරටත් යුරෝපියානු ගෝල්ඩන් ශූ සම්මානය දිනා ගන්නා ලයනල් මෙසී එම දස්කම දැක්වූ ලොව ප්‍රථම මෙන්ම එකම ක්‍රීඩකයා ලෙසින් ඉතිහාස ගත වනු ඇත. ලොව හොදම පාපන්දු ක්‍රීඩකයාට වාර්ෂිකව පිරිනැමෙන "බැලූන් ඩෝ" සම්මානය පස්වරක් ජයග්‍රහනය කළ ප්‍රථම ක්‍රීඩකයා බවටද පත් වූයේ ලයනල් මෙසී මය.

මෙවර ලයනල් මෙසී දැක්වූ මෙම දක්ෂතාවයේ විශේෂත්වය වන්නේ බොහෝ විට ඉදිරිපෙළ ප්‍රහාරකයන් විසින් දිනා ගන්නා "ගෝල්ඩන් ශූ" සම්මානය මෙවර ලයනල් මෙසී දිනා ගත්තේ මිඩ් ෆීල්ඩර් ක්‍රීඩකයෙකු ලෙසින් සහ  පාපන්දු ක්‍රීඩාවේ එන ෆෝල්ස් 9 යන ස්ථාන වල ක්‍රීඩා කරමින් ය. ක්‍රීඩා පිටියේ මැද ක්‍රීඩා කරමින් වැඩිම ගෝල වාර්තා කළ ක්‍රීඩකයා වීම ඇදහිය නොහැකි දක්ෂතාවයක් බව විචාරක මතයයි.

මීට අමතරව මෙවර තරග වාරයේද වැඩිම අවස්ථා නිර්මාණය කළ ක්‍රීඩකයා (Chances created) , වැඩිම තරගයේ වීරයා වූ ක්‍රීඩකයා (MOM awards) , වැඩිම ප්‍රථිවාදීන් ගණනක් මග හැර යෑම් සිදු කළ ක්‍රීඩකයා (Dribbles) යන අංශ සියල්ලෙන්ම ඉදිරියෙන්ම සිටින්නේද ලයනල් මෙසී ය.

පාපන්දු ක්‍රීඩාවේ ඉදිරිපෙළ ක්‍රීඩකයන්, ප්‍රහාරක ක්‍රීඩකයන්, මිඩ් ෆීල්ඩ් ක්‍රීඩකයන්ට සතු වෙන වෙනම ආවේණික විවිධ දක්ෂතා සියල්ලම පවතින ලයනල් මෙසී එම සෑම දක්ෂතාවයකින්ම ලොවේ ප්‍රමුඛම ක්‍රීඩකයා වීම නිසා ලයනල් මෙසී මනුෂ්‍යයෙක් විය නොහැකි බවත් ඔහු පිටසක්වල ජිවීයෙක් හෝ දෙවියෙක් විය හැකි බවත්‍ය් පාපන්දූ ක්ෂේත්‍රයේ ප්‍රවීණ ක්‍රීඩකයන් මෙන්ම පුහුණුකරුවන් පවසා තිබීම විශේෂත්වයකි. 


 

YOU MAY ALSO LIKE

GALLERY

Hasini's 20th Birth day

5138
2018-07-19

Narmadha Yapa Abewardena

1976
2018-07-18

INAMI

956
2018-07-18

Rashmi Madushika

867
2018-07-18