Wednesday, December 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ශ්‍රී ලංකාවේ සුපිරි චීන කටු වෛද්‍යවරයා ඉන්දියාවේ සුපිරි ක්‍රීඩකයා හමු වුණේ ඇයි?

6906Views

ශ්‍රී ලංකාවේ පවත්වන දැවැන්තම ජාත්‍යන්තර මට්ටමේ  නිරූපන තරගාවලිය එළඹෙන ජුනි පැවැත්වීමට කටයුතු සිදු කෙරෙනවා.

පී. ඩී. එන්ටර්ටේට්මන්ට් ආයතනය විසින් සංවිධානය කර පවත්වන මෙම තරගාවලිය Miss Tourism SriLanka to Miss Tourism World 2018, Mister Ocean SriLanka to Mister Ocean International 2018, Global Charity Queen 2018 සහ The Young Beauty of SriLanka 2018 ලෙස නම් කර තිබෙනවා.

එළඹෙන ජූනි මස 16 වැනිදින කොළඹ ගලදාරී හෝටලයේදී මෙහි අවසාන මහා තරගය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ඒ සඳහා දෙස් විදෙස් කීර්තිමත් නිරූපන ශිල්පීන් සහ ශිල්පිනියන් මෙන්ම නලු නිලියන් ඇතුළු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ද සහභාගී වීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙම ජාත්‍යන්තර තරගාවලියේ ශ්‍රී ලංකාවේ නිල අයිතිය හොබවන පී.ඩී. එන්ටර්ටේට්මන්ට් ආයතනයේ  අධිපති වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය විසින් පසු ගියදා ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි  මුණගැසීමට ඉන්දියාව බලා ගොස් තිබුණා. එහිදී ඔහුට වීරාත් කෝලි නායකත්වය හොබවන ROYAL CHALANGE IN BANGALOR තරගය නැරඹීමටද අරාධනා ලැබී ඇති බවයි සඳහන් වෙන්නේ.

 

එමෙන්ම  දිල්ලියේදී  වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය විසින් වීරාත් කෝලි සමග සුහද සාකච්චාවක නිරත වී ඇති අතර ඔහු කරන්නාවූ මේ ජාත්‍යන්තර මට්ටමේ තරගයන් ගැන කෝලි ඉතාමත් සතුටින් යුතුව කතාකළේ රටේ තරුණ පරපුරට හරි පාර පෙන්වීම හැමෝටම කළ නොහැක්කක් කියාය.

මේ අවස්ථාවට ROYAL CHALANGE IN BANGALOR කණ්ඩායමේ ආරක්ෂක අංශයේ ප්‍රධානි ජෝසි මහතාද සහභාගි වීම විශේෂත්වයකි. එසේම එම අවස්ථාවේදී රටේ අනන්‍යතාවයද අගයමින්  ප්‍රසාද් දේශප්‍රිය විසින් මෙහිදී  ක්‍රිකට් ක්‍රීඩක වීරත් කෝලිට සුවිශේෂී වූ ත්‍යාගයන්ද පිරිනමා තිබුනා.

එහි විශේෂ අවස්තා පහතින් නරඹන්න.(ඡයාරූප අන්තර්ජාලය ඇසුරිනි)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

YOU MAY ALSO LIKE