Friday, July 20, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

හිටපු සුපිරි පිතිකරුවාගේ ඥාති පුත්‍රයා පාකිස්ථානය දිනුම් කණුව වෙත රැගෙන යද්දී සියලු ගෞරව අයර්ලන්තයට - අයර්ලන්ත මංගල ටෙස්ට් තරඟයේ සියලු තතු මෙන්න (VIDEO)

6653Views

 

සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරඟය පාකිස්ථානු කණ්ඩායමට කඩුලු 5ක ජයක් අත් කරදෙමින් ඊයේ (15) අවසන් විය.

තරඟයේ කාසිය වාසිය දිනූ අයර්ලන්ත නායක විලියම් පෝටර්ෆීල්ඩ් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පාකිස්ථානයට ආරාධනා කළ අතර ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක්දැවී ලකුණු 310ක් ලබාගෙන සිටියදී ඉනිම අත්හිටු වීය.

වරෙක කඩුලු 5කට ලකුණු 159 ලබාගෙන අසීරු තත්වයක පසුවූ පාකිස්ථාන කණ්ඩායම ගෞරවාන්විත ස්ථානයටකට රැගෙන යාමට ෂඩාබ් ඛාන්ගේ සහ ෆහීම් අෂ්ර්ෆ්ගේ ඉනිම දෙක හේතු විය.එහිදී ෂඩාබ් ඛාන් ලකුණු 55කුත් ෆහීම් අෂ්රෆ් ලකුණු 83කුත් රැස් කළේය.

අනතුරුව සිය පළමු ඉනිම සඳහා පිටියට පිවිසි අයර්ලන්යේ මංගල ටෙස්ට් ඉනිම ලකුණු 130කට සීමා කිරීමට පාකිස්ථානු පන්දු  යවන්නන් සමත් වීය.සුපිරි පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් අබ්බාස් ලකුණු 44කට කඩුලු 4ක් දවා ගත්තේය.

පාකිස්ථානයට වඩා ලකුණු 180ක් පිටුපසින් නැවත සිය දෙවන ඉනිම ආරම්භ කළ අයර්ලන්තය ගෞරවාන්විත ස්ථානයකට රැගෙන යාමට කෙවින් ඕ බ්‍රයන්ගේ ඉනිම හේතුවිය.අයර්ලන්තය වෙනුවෙන් මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමේ වාසනාව හිමිකරගත් බ්‍රයන් පැය පහකට අධික කාලයක් කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 118ක් රැස් කළේය.

අයර්ලන්ත දෙවන ඉනිම ලකුණු 339කට සීමා වූ අතර පාකිස්ථානයට ජයග්‍රහණය සඳහා ලකුණු 160ක ඉලක්කයක් හිමිවීය.කඩුලු 5ක් දැවී ගොස් සිටියදී එම ලකුණු සංඛාව පසුකර යාමට පාකිස්ථානු කණ්ඩායම සමත් වූ අතර එහිදී ඉමාම් උල් හක් ලකුණු 74කුත්, බාබර් අසාම් ලකුණු 59කුත් ලබාගත්තේය.

කෙසේ වෙතත් වරෙක කඩුලු ලකුණු 14කට කඩුලු 3ක් දැවී අසීරු අඩියක පසුවූ පාකිස්ථානය පරාජය කර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පසු සිය මංගල ටෙස්ට් තරඟය ජයග්‍රහණය කිරීමට අයර්ලන්තය කණ්ඩායමට  තිබූ අවස්ථාව පාකිස්ථානු කණ්ඩායමේ මුළු ලකුණු සංඛාව 60 වද්දී බාබර් අසාම් ලබාදුන් උඩ පන්දුව අත්හැරීමත් සමග ගිලිහී ගියේය.පාකිස්ථානය ජය කනුව වෙත රැගෙන ගිය ඉමාම් උල් හක්ගේ ද පළමු ටෙස්ට් තරඟය මෙය වූ අතර, ඔහු හිටපු සුපිරි පාකිස්ථානු ක්‍රීඩාක ඉන්සමාම් උල් හක්ගේ ඥාති පුත්‍රයෙකි.

කෙසේ වෙතත් සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරය විචාරකයන්ගේ පැසසුමට ලක්විය. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් බවට පත්වීමට පසුගිය කාලයේම සටන් කළ අයර්ලන්තය ඔවුන් මෙම ක්‍රීඩාවට මුහුණ දිය හැකි ශක්තිමත් කණ්ඩායමක් ලොවට පසක් කළ බවද විචාරක අදහස විය.

ඉනිම දේකේදීම ලකුණු 158ක් වාර්තා කරමින් තරඟයේ වැඩිම ලකුණු රැස් කළ අයර්ලන්තයේ කෙවින් ඕ බ්‍රයන්ට තරඟයේ වීරයා සම්මානය හිමිවීය.

 

 

 

YOU MAY ALSO LIKE

GALLERY

Hasini's 20th Birth day

5132
2018-07-19

Narmadha Yapa Abewardena

1973
2018-07-18

INAMI

954
2018-07-18

Rashmi Madushika

864
2018-07-18