Wednesday, December 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

එංගලන්තයම දුක් වෙද්දි ලංකාවට පැමිණි අනෙක් බ්‍රිතාන්‍ය ක්‍රීඩකයාත් මියයයි - ලංකාවට එද්දි කිසිදු රෝගාබාධයක් තිබුණේ නැහැ ,සමාජ ශාලාවේදී මොකද වුණේ? පොලීසිය සීසීටීවි පරික්ෂාවකුත් කරයි (PHOTOS)

5274Views

සුහද රග්බි තරඟාවලියක් සඳහා මෙරටට පැමිණි බ්‍රිතන්‍ය ජාතික ක්‍රීඩකයෙක් පසුගිය (13) දා හදිස්සියේ මිය ගියේය.ස්වසන අපහසුතාවක් නිසා මොහු මෙසේ මියගොස් ඇති බව පසුව වාර්තා විය.

මේ අතර සිද්ධියෙන් ඔහු සමඟ රෝහල් ගතකළ අනෙක් ක්‍රීඩකයා ද ඊයේ (15) දහවල් මියගිය බව පොලිසිය සඳහන් කරයි.මෙසේ මියගොස් ඇත්තේ 25 හැවිරිදි තෝමස් හාව්ඩ් සහ 26 හැවිරිදි තෝමස් බැටී නැමති ක්‍රීඩකයන් දෙදෙනෙකි..

ඊයේ (15) මියගිය 26 හැවිරිදි තෝමස් බැටීගේ මෘත ශරීරය ද කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත යවා ඇත. එම මරණ පරීක්ෂණය අද (16) සිදුකිරීමට නියමිත බව පොලිසිය කියයි.

තෝමස් හාවඩ් පසුගිය ඉරිදා දිනයේ රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබූ අතර ඔහුගේ මරණ පරීක්ෂණය ඊයේ (15) කොළඹ මහ රෝහලේදී සිදුකෙළේය. එහිදී එම ක්‍රීඩකයා මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කැර ඇති බවට කරුණු අනාවරණය වුවත් ඔහුගේ මරණයට හේතුව නිශ්චිතව අනාවරණය නොවූ බැවින් විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත්කර මරණ පරීක්ෂකවරයා එම මෘත ශරීරයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකැර ඇත.

මියගිය ක්‍රීඩකයන්ගේ පවුලේ ඥාතීන් මේ වන විට ලංකාවට පැමිණ ඇතිද වාර්තා සඳහන් කරයි.කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයන් මෙරටට පැමිණෙද්දි කිසිදු රෝගාබාධයක් නොතිබුණ බවද වාර්තා වල දැක්වෙයි.

ක්‍රීඩකයන් 22 සහිත මෙම කණ්ඩායම පසුගිය 09 දා මෙරටට පැමිණ තිබුණි..ඔවුන් නවාතැන් ගෙන තිබුණේ කොළඹ කොටුවේ පිහිටි හෝටලයකය.මෙම ක්‍රීඩකයන් දෙදෙනාම 12 දින පැවැති සුහද රගර් තරගාවලියට සහභාගි වී අනතුරුව එම ක්‍රීඩා සංකීර්ණයේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකට ද සහභාගි වී ඇත.

අනතුරුව ඔවුන් සිය කණ්ඩායමේ ක්‍රීඩකයන් 22 දෙනා සහ කළමනාකරු ද සමඟ කොටුවේ පිහිටි ඔවුන් නවාතැන්ගෙන සිටි හෝටලය වෙත ගොස් තිබේ. තවද ඔවුන් එදින රාත්‍රියේ යළිත් කොල්ලුපිටියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක් වෙත ගොස් එහිදී විනෝද වී ආපසු ‍කණ්ඩායම් වශයෙන් නවාතැන් ගත් හෝටලය වෙත පැමිණ ඇත. පසුදින (13) පෙරවරුවේ එම ක්‍රීඩකයන් දෙදෙනා හදිසියේ ශ්වසන ආබාධයකින් රෝගාතුර වී ඇති බැවින් හෝටලයේ කළමනාකරු විසින් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබුණි.

කෙසේ වෙතත් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර ඇති අතර සීසීටීවි පරීක්ෂාවක්ද සිදුකර ඇත.සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් කිරීමට දින කිහිපයක් ගත වෙතැයිද ඔවුන් සඳහන් කරයි.මියගිය ක්‍රීඩකයන්ගේ අභ්‍යන්තර හෝ බාහිර රුධිර වහනයක් සිදුව නොමැති බැවින් මරණයට හේතුව නිශ්චිතව සඳහන් කළ නොහැකි බව අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා සඳහන් කරයි.

මෙම ක්‍රීඩකයන් වෙනුවෙන් කණගාටුව පළකරමින් බ්‍රිතාණ්‍යයේ රග්බි සමාජ කිහිපයක් ට්විටර් පණිවුඩ කිහිපයක්ද නිකුත් කර තිබේ.

 

 

 

 

YOU MAY ALSO LIKE