Wednesday, May 23, 2018
- 0770586666

"බට්ලර්ගේ ප්‍රහාරයට නරේන්ගෙන් ප්‍රතිප්‍රහාර" I.P.L පිටිය දෙවනත් කළ කොල්කටාවට තවත් ජයක් .!

2875Views

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවැති තරගය කඩුලු 6 කින් ජයගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මුල් පන්දුවාර 3.2 කදී ලකුණු 50 වාර්තා කළ අතර පන්දුවාරයකට ලකුණු ලබාගැනීමේ වේගය 15 සීමාවද අභිබවා තිබුණි. කෙසේ වෙතත් පස්වැනි ඕවරයේදී රාහුල් ත්‍රිපාටී දැවීයාමත් සමගින් ලකුණු ලබාගැනීමේ වේගය කෙමින් කෙමින් පහත වැටුණි.

පළමු කඩුල්ල සදහා පන්දු 29 කදී ලකුණු 63 ක වේගවත් සම්බන්ධතාවයක් පැවැත්වීමට රාහුල් ත්‍රිපාටී සහ ජෝස් බට්ලර් සමත්වුවද සෙසු පිතිකරුවන්ට සාර්ථක සම්බන්ධතා ගොඩනැගීමට නොහැකිවූහ.

පන්දු 22 කදී හයේ පහර 2 ක් සහ හතරේ 5 ක් සමගින් ලකුණු 39 ක් ලබාගත් ජොස් බට්ලර් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර රාහුල් ත්‍රිපාටී ලකුණු 27 ක් සහ ජයදේව් උනද්කට් ලකුණු 26 ක් රැස් කළේය.

ජයග්‍රහණය සදහා ලකුණු 143 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඕවර 18 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් සම්පූර්ණ කළේය.

සුනිල් නරේන් පන්දු 7 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 21 ක් රැස්කරමින් වේගවත් ආරම්භයක් ලබාගත් අතර පන්දු 42 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 45 ක් රැස්කළ ක්‍රිස් ලයන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.

රාජස්ථාන් රෝයල්ස් - ඕවර 19 කදී සියලුදෙනා දැවී ලකුණු 142

(රාහුල් ත්‍රිපාටී 27, ජොස් බට්ලර් 39, ජයදේව් උනද්කට් 26, කුල්දීප් යාදව් 20/4, ඇන්ඩී්‍ර රසල් 13/2, ප්‍රසිද් ක්‍රිෂ්ණා 35/2)

කොල්කටා නයිට් රයිඩර්ස් - ඕවර 18 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 142

(සුනිල් නරේන් 21, ක්‍රිස් ලයන් 45, නිතිෂ් රානා 21, ඩිනේෂ් කාර්තික් නොදැවී 41, බෙන් ස්ටෝක්ස් 15/3)


 

YOU MAY ALSO LIKE