Friday, July 20, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

හතුරුසිංහගෙන් ඉල්ලීමක්

4408Views

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ කළමනාකරු වශයෙන් කටයුතු කළ අසංක ගුරුසිංහ නැවතත් ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස පත්කරන ලෙස ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

මේ වන විට එම ධුරයේ අසංක ගුරුසිංහ කටයුතු කරන අතර ඔහු කි‍්‍රකට් ආයතනයේ තවත් තනතුරු කිහිපයක් දරන බැවින් ඔහු ඉන් ඉවත් කර වෙනත් අයෙකු ඊට පත් කිරීමට කි‍්‍රකට් ආයතනයේ අවධානය යොමුව ඇත.

අසංක ගුරුසිංහ මේ වන විට කි‍්‍රකට් ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස සහ තේරීම් කමිටු සාමාජිකයෙකු වශයෙන් ද කටයුතු කරන අතර, සයිමන් විල්ස්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉහළ දක්ෂතා කළමනාකාර තනතුරුටද අසංක ගුරුසිංහ ඉකුත්දා පත් කෙරුණි.

ශ්‍රි ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ලබන සතියේදී ආරම්භවීමට නියමිතය.එසේ වුවත් කණ්ඩායමේ කළමනාකරු මේ දක්වා නම් කර නොමැති අතර අසංක ගුරුසිංහ මේ වන විට ඔස්ට්‍රේලියාවට ගොස් ඇත

ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ කළමනාකාර ධුරය සඳහා නම් දෙකක් යෝජනා වී ඇත..මෙලෙස යෝජනා වී ඇත්තේ රවීන් වික‍්‍රමරත්න සහ බ්‍රෙන්ඩන් කුරුප්පු සහ රවීන් වික්‍රමරත්නය.

YOU MAY ALSO LIKE

GALLERY

Hasini's 20th Birth day

5138
2018-07-19

Narmadha Yapa Abewardena

1976
2018-07-18

INAMI

956
2018-07-18

Rashmi Madushika

867
2018-07-18