Tuesday, June 26, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අපේම තාක්ෂණයෙන් අපේම ඉංජිනේරුවන්ගේ වැඩක් - ලැම්බෝගිනි පරදන ශ්‍රී ලංකාවේම හදපු සුපිරි කාරය එළියට දාන්න සුදානම්ලූ .! (PHOTOS)

47032Views

2013 වසරේදී මරදාන ට්‍රීපෝලී මාකට් ප්‍රදේශය දැනුම උයනක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහනක් දියත් වුනා. ඒ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සංකල්පයකට අනුවයි.

එලෙසින් ශ්‍රී ලංකාවට නව තාක්ෂණය සහ දැනුම මුසු කරන දැනුම උයනක් ලෙස ට්‍රිපෝලී මාර්කට් ප්‍රදේශය ආරම්භ කිරීමෙන් පසුව මරදාන ට්‍රීපෝලී මාර්කට් ප්‍රදේශයේ, එක්ස්පර්ට් සිටි ලිපිනයේ මෙහෙයුම් ඇරඹූ වේගා ඉනොවේෂන්ස් සමාගම ශ්‍රී ලංකාවට අන්‍යන්‍ය ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සුපිරි කාරයක් නිෂ්පාදනය කිරීමේ වැඩ කටයුතු ඇරඹුවා. ඒ 2014 වසරේදී.

වාර්තා වන අන්දමට වේගා ඉනෝවේෂන්ස් පුද්ගලික සමාගම මගින් එලෙසින් ආරම්භ කරන ලද වේගා සුපර් කාරයේ ව්‍යාපෘතිය මේ වනවිට 80%ක පමණ කටයුතු අවසන්ව තිබෙන බව වාර්තා වෙනවා. සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකීය වියතුන්ගේ දැනුමින් සිදුවන මෙම ව්‍යාපෘතියට මොරටුව සරසවියේ ඉංජිනේරුවන් පිරිසක් ඇතුලු දේශීය ඉංජීනේරුවන් සම්බන්ධව සිටිනවා.

මෙය  මුළුමනින්ම විදුලිය භාවිතයෙන් ධාවනය වන රථයක්. වේගා රථයට පැයට කිලෝමීටර 240ක උපරිම වේගයක් ලබා ගත හැකි වන බව සදහන්.  එය තත්පර 3.6 තුළ වේගය පැයට කිලෝමීටර 100 දක්වා ඉහළ නැංවිය හැකිවීමත් විශේෂයි.

මෙම මෝටර් රථය මුලූමනින්ම විද්‍යුත් මෝටර් රථයක් ලෙසින් නිර්මාණය කෙරෙන අතර වරක් charge කිරීමෙන් කිලෝමීටර 240ක දුරක් ගමන් කළ හැකිවනවා. කාබන්-ෆයිබර් මිශ‍්‍ර අමුද්‍රව්‍යයක් යොදා ගනීම නිසා රථයේ බර අවම වී ශක්තිමත් බවක් එක් කරනු ලබනවා. රථයේ සම්පූර්ණ බර කිලෝ 1500ක් පමණ වේ. පිටුපස රෝද දෙකට සවිවන මෝටර් දෙකක් මගින් horsepower 900 ක බලයක් ලබා දෙනවා.

ලොව රටවල් බොහෝ ප්‍රමාණයක සංචාරක ක්ෂේත්‍රයේ සිය ව්‍යාපාරයන් සිදු කරනා කෝඩ්ජෙන් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ආචාර්ය හර්ෂ සුභසිංහගේ සංකල්පයකට අනුව ආරම්භ වන වේගා සුපිරි කාරයේ ව්‍යාපෘතියට මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු ශෂිරංග ද සිල්වා ඇතුලු පිරිසක් සම්බන්ධව කටයුතු කරනවා.

වේගා සුපිරි කාරය සම්පූර්ණයෙන්ම සාදා නිම කළ පසු මරදාන ට්‍රීපෝලී මාකට් භුමීයේම පරීක්ෂණ ධාවන සිදු කිරීමට නියමිත බව සදහන්.

 


කෝඩ්ජෙන් සමාගම මරදාන ට්‍රිපෝලී මාර්කට්හි සිය මෙහෙයුම් ආරම්භ කළ අවස්තාව.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, වේගා ඉනොවේෂන්ස් ප්‍රධාන විධායක නිළධාරී ආචාර්ය සුභසිංහ, එවකට හමුදාපති ජනරාල් දයා රත්නායක ඇතුලු පිරිස.

 


 


 





 


 

 


 


 

 

YOU MAY ALSO LIKE