Monday, July 23, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"අපි එදා යුද්ධය අතෑරලා ආවා නම් අද රට කරන්නේ ප්‍රභාකරන්, ඒත් රටට දැන් අපිව අමතක වෙලා" රට වෙනුවෙන් ජිවීතයම කැප කළ රණවිරුවෙකුගේ සංවේදී කතාව .!

6665Views

 

දශක තුනක් තිස්සේ මවුබිම පීඩා විදිමින් සිටි ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීමේ මානුෂීය මෙහෙයුම අවසන් කර වසර නවයකට ආසන්නය. එලෙසින් මානුෂීය මෙහෙයුම අවසන් කරමින් මවුබිමට සාමය ගෙන ඒමේ නවවන සංවත්සරයට තවත් ඇත්තේ දින කිහිපයක් පමණි.

මෙවැනි පසුබිමක මාතෘභූමියේ උතුම් නිදහස වෙනුවෙන් සිය ජිවීතයේ හොදම කාලය කැප කරමින් සටන් වැදුනු රණවිරුවන් පසුගිය දින රැස්වීමක් කැදවා තිබුණි. සමස්ත ලංකා ආබාධිත හා මියගිය රණවිරු සංසදය මගින් ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපකාර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම රැස්වීම කැදවා තිබුණි.

එහිදි එම සංවිධානයේ සභාපති බලලත් නිලධාරි දේශබන්දු අනුර වැලිගම පැවසුවේ "එදා අපි යුද්ධයේදී රණබිම අතහැර ආවා නම් අද අපට රටක් නෑ. රට පාලනය කරන්නේ ප්‍රභාකරන්. රණවිරුවන් යුද්ධ කරද්දී තමන්ගේ ශරීරය, ජීවිතය, අඹුදරුවන් ගැන සිතුවේ නෑ. රට ගැන විතරක් හිතුව අපිව දැන් මුළු රටටම අමතක වෙලා. එදා අපි වීරයෝ අද සොක්කො." යනුවෙනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා, 

"අපේ රට අවුරුදු 30ටත් වැඩි කාලයක් යුද්ධ කළා. මේ කාලය තුළ ආර්ථික සංස්කෘතික සමාජික වශයෙන් අපි අන්ත පාරිහානියට පත් වුණා. යුද්ධය නොනැවතුණා නම් මෙලහකටත් රට පාලනය කරන්නේ ප්‍රභාකරන්, අපි යුද්ධ කළේ රට වෙනුවෙන්. යුද්ධයේදී අපි ගැන, අපේ අඹුදරුවන් ගැන, අපේ ජීවිත ගැන හිතුවේ නෑ. රට ගැන විතරයි හිතුවේ. ඒත් ඒ හැම දෙයක්ම ජනතාවට අමතක වෙලා එදා වීරයෝ වුණු අපි අද සොක්කෝ වෙලා.

අද අපේ අත්, කකුල්, ඇස්, ශරීරයේ කොටස් නෑ. කිසිම රැකියාවක් හෝ ගොවිතැන් බතක්, ස්වයං රැකියාවක් හරියාකාරව කරගන්න බෑ. මේ විදියට අපි 15,000ට අධික සංඛ්‍යාවක් දුකට පත්වෙලා ඉන්නේ රට වෙනුවෙන් රට කරන අය වෙනුවෙන්. අපි මේවගේ කැපකිරීමක් කළා නම් අපි වගේ සුළු පිරිසකට ඇයි අපේ ඉල්ලීම ඉෂ්ට කරන්න බැරි. රෝහල්වල මගී ප්‍රවාහන බස් රථවල අපේ ආබාධිත රණවිරුවන්ට ප්‍රමුඛස්ථානය දෙනවා කිව්වට දැන් ක්‍රියාත්මක වෙන්නේ නෑ. කොටින්ම කියනවා නම් කැචස් එක අරගෙන බස් එකකට නැග්ගත් සීට් එකක් ලැබෙන්නේ නෑ. බස්වල, රෝහල්වල ඇතුළු හැම පොදු සේවා ස්ථානයකම අපේ ඇස්වලට කඳුළු උනන අවස්ථා අනන්තයි.

පාලකයෝ විතරක් නොවේ අපේ ඉහළ නිලධාරීත් අපිට ඇහුම්කන් දෙන්නේ නෑ. අපිව කපලා, අපේ ඉල්ලීම් කප්පාදු කරන්න වැඩිපුර දායකත්වය දෙන්නේ අපේ නිලධාරීන්. යුද්ධයේ වේදනාව ඔවුන්ට අත් වුණේ නෑ. යුද්ධය කරපු අපි සහ නිලධාරීන් පමණයි ජීවත්වලින්, ශරීර කොටස්වලින් වන්දි ගෙව්වේ." යනුවෙන් අදහස් දක්වා තිබුණි.

මේ අවස්ථාවට සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි ආබාධිත රණවිරුවන් 100ට අධික සංඛ්‍යාවක් සහභාගි වි තිබුණි.

YOU MAY ALSO LIKE