Wednesday, May 23, 2018
- 0770586666

මහේලගේ විශ්මිත සැලසුම මුම්බායි ඔසවා තබයි - විචාරකයන් මවිත කළ මහේලගේ සැලසුමෙන් මුම්බායි කණ්ඩායමට සුපිරි ජයක් .!

9203Views

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අතිශය තීරණාත්මක තරගයක් ඊයේ (16) පැවැත්වුනා. ඒ මහේල ජයවර්දනගේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සහ කීංග්ස් එලෙවන් පන්ජාබ් කණ්ඩායම අතරයි. තරගාවලියේ තවදුරටත් රැදි සිටීමට නම් මෙම තරගය ජය ගැනීම කණ්ඩායම් දෙකටම අත්‍යවශ්‍ය වුනා. 

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මුම්බායි කණ්ඩායම ලකුණු 186 ක් ලබා ගැනීමට සමත් වුනා. කලකට පසු සාර්ථක වූ තුන් ඉරියව් ක්‍රීඩක වේගවත් ලකුණු අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වුනා පන්දු 23කින් වාර්තා වූ ඔහුගේ අර්ධ ශතකයට හයේ පහර තුනක් සහ හතරේ පහර පහක් ඇතුලත් වුනා. සූර්ය කුමාර් යාදව් ලකුණු 27 යි. හාර්තික් පාණ්ඩ්‍යා ලකුණු 32 ක් ලබා ගත්තා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දීමට ලෝකේෂ් රාහුල් සමත් වුනා. දෙවෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 111 ක ශක්තිමත් සබඳතාවයක් ගොඩ නැගීමට ලෝකේශ් රාහුල් සහ ඇරෝන් ෆින්ච් සමත් වුණා. ෆින්ච් ලකුණු 46 යි. හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ ලෝකේෂ් රාහුල් ලකුණු 94ක් ලබා ගත්තේ පන්දු 60කදි.

කෙසේ වෙතත් මුම්බායි කණ්ඩායමේ අවසන් පන්දු යැවීම හමුවේ පංජාබ් ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල වූ අතර පන්දු වාර 20 අවසානයේ  ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 183 ක් පමණයි. ඒ අනුව ලකුණු 3 ක තියුණු ජයක් මුම්බායි කණ්ඩායමට හිමි වුනා. මෙම ජයත් සමග මුම්බායි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ සිවුවෙනි ස්ථානයට පැමිණීමට සමත් වුනා.

මූලීක වටයේ පළමු තරග පරාජය වෙමින් ප්‍රසාද ලකුණු පුවරුවේ අවසන් ස්ථානයන්හි සිටි මුම්බායි කණ්ඩායම මූලීක වටය අවසන් වීමට ආසන්න වන විට තරග ජය ගනිමින් ඉදිරියට පැමිණීම විචාරකයන් පවා විශ්මයට පත් කර තිබෙනවා.


 

YOU MAY ALSO LIKE