Wednesday, May 23, 2018
- 0770586666

"කියවූ ලියො මෙසීගේ දැසේ කඳුලු" ලෝක කුසලාන දිනූ සුපිරි පාපන්දු තරුව සමූගැනීමට පෙර කියූ සංවේදි කතාව ලොවේම රසිකයන් සංවේදි කරයි .!

2537Views

පාපන්දු ක්‍රීඩාවේ ලොව එදාමෙදා තුර බිහිවු සුපිරිතම ක්‍රීඩකයෙක් ලෙසින් හැදින්වෙන බාසිලෝනා ක්‍රීඩා සමාජයේ ඇන්ද්‍රෙස් ඉනියෙස්ටා බාසිලෝනා ක්‍රීඩා සමාජයෙන් සමුගැනීමට නියමිතය. ඔහු බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනා අවසන් තරගය මේ සති අන්තයේදි පැවැත්වීමට නියමිතය. ඒ බාසිලෝනා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා පිටිය වන "කෑම්ප් නිවු" ක්‍රීඩා පිටියේදි රියල් සොසයිඩෑඩ් ක්‍රීඩා සමාජයට එරෙහිවයි.

ළමා ක්‍රීඩකයෙකු වශයෙන් බාසිලෝනා ක්‍රීඩා සමාජයේ ළමා ඇකඩමියට සම්බන්ධවී සිය ජිවීත කාලයම බාසිලෝනා ක්‍රීඩා සමාජය වෙනුවෙන් කැප කළ ඇන්ද්‍රෙස් ඉනියෙස්ටා වෙනත් කණ්ඩායම් වලින් පැමිණි අති විශාල මුදල් ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන්ම ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.

නව යුගයේ සාර්ථකම පාපන්දු කණ්ඩායම ලෙස බාසිලෝනා කණ්ඩායම සැලකෙන අතර ඔවුන් ලබාගත් ජයග්‍රහන රැසකට ඉනියෙස්ටා ඉහලම දායකත්වයක් ලබා දුන්නා. ලෝක කුසලාන , යූරෝ කුසලාන , චැම්පියන්ස් කුසලාන මෙන්ම කොපා ඩෙල් රේ අවසන් මහා තරග සියල්ලෙහිම ගෝල රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා මෙහෙයවා ඇති ඇති එකම ක්‍රීඩකයා වන්නේද ඇන්ද්‍රෙස් ඉනියෙස්ටා ය. 

සිය පුරාවෘත්ත ක්‍රීඩකයා සහ නායකයාගේ අවසන්  තරගයට ක්‍රීඩා කිරීමට බාසිලෝනා කණ්ඩායම අතිශය විශේෂ වැඩසටහන් කිහිපයක්ම සංවිධානය කර තිබෙනවා.

මේ අතර ඇන්ද්‍රෙස් ඉනියෙස්ටා සිය බාසීලෝනා ජර්සියක සංවේදී සටහනක් ලියා එය එදා මෙදා තුර බිහිවූ හොදම ක්‍රීඩකයා ලෙසින් සැලකෙන බාසිලෝනා කණ්ඩායමේ ලයනල් මෙසීට තෑගී කර තිබෙනවා. ඉනියෙස්ටා විසින් එහි සටහන් කර තිබුනේ 

" ඔබ සමග එකට ක්‍රීඩා කිරීම ආඩම්බරයක් සහ සතුටක් වූවා. ඔබට සමකළ හැකි කිසිවෙක් නැහැ. ඔබයි අංක එක, සෑම දෙයකටම ස්තූතියි" යනුවෙනි. මෙම සටහන සුපිරි ක්‍රීඩක ලියෝ මෙසීද සංවේදී කරවීමට සමත්ව තිබෙන බව සදහන්. 

ඉනියෙස්ටා විසින් මෙසීට ලබා දුන් සටහන

 ඉනියෙස්ටාගේ අවසන් තරගයේදී ක්‍රීඩා පිටියේ අසුන් ගන්නා රසිකයන් නිර්මාණ‍ය කරන හැඩය

ඉනියෙස්ටා ළමා කල සහ දැන්


 


 

 

YOU MAY ALSO LIKE