Wednesday, May 23, 2018
- 0770586666

ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ කොටසක් මිලට ගත් පළමුවැන්නා වූ සංගා ඒ ගැන කියන කතාව මෙන්න (VIDEO)

6251Views

ක්‍රිකට් ක්‍රීඩාවේ රන් දෙවොල ලෙස සැලකෙන එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ කොටසක් හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර විසින් මිලදී ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන පරි ජීවිතයේ එක්වරක් පමණක් උදාවන, මෙම අවස්ථාව හිමිකරගත් පළමු පුද්ගලයා වශයෙන් සංගක්කාර ඉතිහාසයට එක්වන බවයි.

පවුම් 500ක මුදලක් ගෙවා සංගක්කාර එහි කොටසක් මිලට ගෙන තිබෙන අතර එම ක්‍රීඩාංගණයේ කොටස් ක්‍රීඩකයන්ට මෙන්ම ප්‍රේක්ෂකයන්ටද මිලට ගත හැකි බව වාර්තාවෙයි.

කෙසේ වෙතත් සීමාසහිත පිරිසකට මෙම අවස්ථාව උදාවන බවයි පැවසෙන්නේ.සංගා මේ පිළිබඳව පවසන්නේ මෙවැන්නක්,,.

‘‘මගේ ක්‍රිකට් ජීවිතයේ සුන්දරතම මතක සටහන් පෙලක් මෙහි තිබෙනවා.මේ ක්‍රීඩාංගණයේදී ප්‍රේක්ෂකයන් සතුටු කිරීම මට මහත් ගෞරවයක් වුණා.දැන් ලොව පුරා සිටින ක්‍රිකට් රසිකයන්ට මෙහි කොටසක් මිලට ගැනීමට හැකිවීම පුදුම සහගතයි.දැන් මටත් එහි කොටසක් තිබෙන නිසා ඒ මතකයන් ආරක්ෂා කරගන්න උදව්වක් වේවි..


 

YOU MAY ALSO LIKE