Wednesday, September 26, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයන් දෙදෙනාගේ අභිරහස් මරණය පිටුපස ප්‍රබල මත්කුඩු විශේෂයක් - ත්‍රීරෝද රථ රිදුරෙකුත් සම්බන්ධ වෙලා ?

5254Views

සුහද රග්බි තරඟාවලියක් සඳහා මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයන් දෙදෙනෙකු පසුගියදා මිය ගියා.මෙසේ මියගොස් තිබුණේ දුර්හැම් ක්‍රීඩා සමාජය  නියෝජනය කළ තෝමස් බැටී සහ තෝමස් හාවඩ් නම් ක්‍රීඩකයන් දෙදෙනෙක්.

ක්‍රීඩකයන් (22) සහිත මෙම කණ්ඩායම පසුගිය 09 දා මෙරටට පැමිණ තිබුණි..ඔවුන් නවාතැන් ගෙන තිබුණේ කොළඹ කොටුවේ පිහිටි හෝටලයකය.මෙම ක්‍රීඩකයන් දෙදෙනාම 12 දින පැවැති සුහද රගර් තරගාවලියට සහභාගි වී අනතුරුව එම ක්‍රීඩා සංකීර්ණයේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකට ද සහභාගි වී ඇත.

අනතුරුව ඔවුන් සිය කණ්ඩායමේ ක්‍රීඩකයන් 22 දෙනා සහ කළමනාකරු ද සමඟ කොටුවේ පිහිටි ඔවුන් නවාතැන්ගෙන සිටි හෝටලය වෙත ගොස් තිබේ. තවද ඔවුන් එදින රාත්‍රියේ යළිත් කොල්ලුපිටියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක් වෙත ගොස් එහිදී විනෝද වී ආපසු ‍කණ්ඩායම් වශයෙන් නවාතැන් ගත් හෝටලය වෙත පැමිණ ඇත. 

පසුදින (13) පෙරවරුවේ එම ක්‍රීඩකයන් දෙදෙනා හදිසියේ ශ්වසන ආබාධයකින් රෝගාතුර වී ඇති බැවින් හෝටලයේ කළමනාකරු විසින් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබු අතර, පසුව ඔවුන් දෙදෙනාම මියගොස් තිබුණි.කෙසේ වෙතත් මියගිය ක්‍රීඩකයන්ගේ අභ්‍යන්තරයේ හෝ බාහිරින් රුධිර වහනයක් සිදුව නොමැති නිසා මරණයට නිශ්චිත හේතුවක්  සඳහන් කළ නොහැකි බව අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා සඳහන් කර තිබූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා කොටස් රජයේ රස පරීක්ෂකවරයාට යොමු කරන ලදී.

කෙසේ නමුත් මෙම ක්‍රීඩකයන් දෙදෙනා සිද්ධිය වූ දා රාත්‍රියේ ‘බ්‍රවුන් සුගර්‘ නැමැති මත්ද්‍රව්‍ය විශේෂය භාවිතා කොට ඇති බව හෙළි වී තිබෙනවා.සිද්ධිය සම්බන්ධයෙන් කළ පොළිස් පරීක්ෂණ වලදි ආණවරණය වී ඇත්තේ පසුගිය 15 දා මියගිය තෝමස් බැටී රෝහලේ ප්‍රතිකාර ලබද්දී මේ පිළිබඳ සඳහනක් කර ඇති බවයි.

ඔවුන් කොල්ලුපිටිය  ප්‍රදේශයේ අදාළ සමාජ ශාලාවට ත්‍රීරෝද රථයකින් ගොස් ඇති අතර එහි සිටි ත්‍රීරෝද රථ රියදුරුවරයා අදාළ මත්ද්‍රව්‍ය විශේෂය මෙම ක්‍රීඩකයන්ට ලබාදී ඇති බවට කරුණු වාර්තා වන බව පොලීසිය පවසනවා.කෙසේ නමුත් සමාජ ශාලාවේදී අධික ලෙස මත්පැන් පානය කොට ඇති බවත් එහිදී වූ සංකූලතාවක් මීට බලපා ඇත්දැයි සැක පහළ වී ඇති බවයි පොලීසිය පවසන්නේ.
 

YOU MAY ALSO LIKE