Wednesday, May 23, 2018
- 0770586666

"දක්ෂයන්ට වැඩි පඩි" ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් ක්‍රමය නැවතත් වෙනස් වූ හැටි .!

3202Views

ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් සඳහා අලුතින් හඳුන්වා දුන් ක්‍රිකට්‌ කොන්ත්‍රාත්තුව සති කිහිපයක විමර්ශනයකින් පසුව ක්‍රීඩකයන් විසින් අත්සන් තබා තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් හී පැවැත්වෙන ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලිය සඳහා ජාතික කණ්‌ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් මේ දිනවල පල්ලෙකැලේදී විශේෂ පුහුණුවක නිරත වන අතර අදාළ පුහුණුවට යැමට පෙර කොන්ත්‍රාත්තුව අත්සන් කර ඇතැයි සඳහන් වේ. අදාල පුහුණුව සඳහා ටෙස්‌ට්‌ ක්‍රීඩකයන් වන දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්‌, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සහභාගි වන අතර ඒ අනුව ඔවුන්ට දැන් ක්‍රියාත්මක අන්තර් පළාත් එක්‌දින තරගාවලියද අහිමිව ඇත්තේ කොදෙව් සංචාරයට අවශ්‍ය පුහුණුව ලබා ගැනීම වෙනුවෙන් පුහුණු සැසියට සහභාගි වීමට සිදුව තිබීමයි.

ජාතික කණ්‌ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ගේ ටෙස්‌ට්‌, එක්‌දින සහ විස්‌සයි විස්‌ස තරග ගාස්‌තු මෙහිදී වැඩි කර ඇති නමුත් ඇතැම් ගාස්‌තු වැඩි වීමේදී මීට වසර දෙකකට තිබු ක්‍රමවේදයට වඩා වෙනස්‌ ක්‍රමවේදයක්‌ මෙවර හඳුන්වාදී තිබේ. එම ක්‍රමවේදය හේතුවෙන් ක්‍රීඩකයන් සති කිහිපයක්‌ අදාළ කොන්ත්‍රාත්තුව විමර්ශනය කිරීමෙන් අනතුරුව අත්සන් තැබීමට තීරණය කර තිබේ.

වත්මන් ක්‍රිකට්‌ ආයතනය විසින් මීට වසරකට පෙර ටෙස්‌ට්‌ තරගයක්‌ සඳහා තිබූ තරග මුදල ඇ.ඩො. 7500 ක මුදල ඇ.ඩො. 5000 දක්‌වා අඩු කළ අතර එය නැවත ඇ.ඩො.7000 (රුපියල් ලක්ෂ 11කට මදක් වැඩි) දක්‌වා වැඩි කර තිබේ. එම මුදල කණ්‌ඩායමේ සියලුම සාමාජිකයන්ට හිමිවන අතර පෙර ගෙවූ මුදලට වඩා ඇ.ඩො.500 (ආසන්න වශයෙන් රු. 79000) ක අඩුවක්‌ වශයෙන් එය දැක්‌වේ.

නමුත් ක්‍රීඩකයන් ලබා ගන්නා අර්ධ ශතක, ශතක සහ කඩුලු ලබා ගන්නා දක්‍ෂතාව අනූව ගෙවීම් ලබාදීමේ ක්‍රමවේදයක්‌ හඳුන්වාදී තිබේ. මීට සාපේක්‍ෂව එක්‌දින සහ විස්‌සයි විස්‌ස තරග ගාස්‌තු වැඩිවී ඇති අතර එහිදීද ක්‍රීඩකයන්ගේ දක්‍ෂතාවලට වෙනම ගෙවීම් ක්‍රමවේදයක්‌ හඳුන්වාදී තිබේ.

YOU MAY ALSO LIKE