Saturday, November 17, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ක්‍රිකට් වෙනස් වෙයි - කාසියේ වාසිය ඉවතට..මහේල ප්‍රමුඛ අයිසීසියේ තීරණයක්? 2019 සිට ක්‍රියාත්මක වෙන්නේ මෙලෙසයි

12335Views

2019 වසරේදී ආරම්භ වීමට නියමිත ටෙස්ට් ශූරතා තරඟාවලියේ සිට ටෙස්ට් තරඟ වලදී කාසිය වාසිය උරගා බැලීම තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද පිළිබඳව සාකච්ඡා කිරීමට අයිසීසීය තීරණය කර තිබේ.

1877 වසරේ එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති පළමු ටෙස්ට් තරඟයේ සිට කාසිය වාසිය උරගා බැලීම ආරම්භ විය.එහිදී සත්කාරකත්වය දරණ පිලේ නායකයා කාසිය උඩ දැමීමත් සංචාරක කණ්ඩායමේ නායකයා එය උරගා බැලීමත් සිදුවිය.එතැන් පටන් ආරම්භ වූ ක්‍රමවේදය අදටත් ක්‍රියාත්මක වෙයි

කෙසේ නමුත් සත්කාරකත්වය දරණ පිල ක්‍රීඩා පිටිය ඔවුන්ට වාසි සහගත ලෙස සකසා ගැනීම සාමාන්‍යයෙන් සිදුවන්නක් බව මතයක් තිබේ..එම නිසා කාසිය වාසිය තීරණාත්මක සාධකයක් නොවෙතැයි ද පැවසේ. .සත්කාරක කණ්ඩායම පිටිය සැකසීමේ ක්‍රියාදමට සම්බන්ධ වීම දැඩිව සළකා බැලිය යුතු කරුණක් බව බොහෝ ක්‍රිකට් ප්‍රවීණයන්ගේ අදහස වී ඇත

එම නිසා ඉදිරියේදී පැවත්වීමට නියමිත ටෙස්ට් ශූරතාවලියේදී කසිය වාසිය වෙනුවට සංචාරක කණ්ඩායමට මුලින්ම පන්දුවට පහරදෙන්නේද, නැත්නම් පන්දු යවන්නේද යන තීරණය ගැනීමට ඉඩ සැලසිය යුතු යැයි යෝජනාවක් මේ වන විට ඉදිරිපත්ව ඇත.

2019 වසරේ ඕස්ට්‍රේලියාව හා එංගලන්ත කන්ඩායම අතර පැවැත්වෙන අළු බඳුන තරඟාවලියේදී අත්හදා බැලීමටද යොජනා වී ඇත.මෙය 2016 වසරේ සිට එංගලන්ත ප්‍රාන්ත තරඟාවලියන්හිදි ක්‍රියාත්මක වන ක්‍රමවේදයේම දිගුවකි.එහිදී නායකයන් එකඟ වේ නම් සංචාරක පිලේ නායකයාට පන්දු යැවීමට තෝරාගත හැකිය.

මේ පිළිබඳ තීරණයක් ගැනීමට අයිසීසී ක්‍රිකට් කමිටුව මේ මස අවසානයේ මුම්බායි නුවරදී රැස්වීමටද නියමිත බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරයි. අනිල් කුම්බ්ලේ ඇන්ඩෘ ස්ට්‍රස්, රාහුල් ඩ්‍රාව්ඩි, ෂොන් පොලොක් මෙන්ම මහේල ජයර්ධන හා රන්ජන් මඩුගල්ල වැනි ක්‍රිකට් ප්‍රවීණයන්ගේන් සමන්විත මෙම කමිටුවේ බොහෝ දෙනෙක් මෙම යොජනාවට පක්ෂ ඇතැයිද වාර්තාවේ.