Tuesday, September 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ලංකාවේ ළදරුවන් සොරාගෙන යුරෝපා රටවලට අලෙවි කරන ජාවාරමක් විදෙස් මාධ්‍ය හෙලි කරයි...!

2690Views

ශ්‍රී ලංකාවේ ළදරුවන් සොරාගෙන යුරෝපා රටවලට අලෙවි කරන මහා පරිමාන ජාවාරමක් ගැන  ස්‌විස්‌ටර්ලන්තයේ SRF රූපවාහිනි අනාවරණය කර තිබෙනවා.

මෙලෙස  ශ්‍රී ලංකාවේ ළදරුවන් සොරාගෙන විකිණීමේ ජාවාරමේ  නායිකාව ස්‌විස්‌ටර්ලන්තයේ ඇලිස්‌ ගෙනිගුර් නමැති කාන්තාවක් බව ස්‌විස්‌ බලධාරීන් සොයාගෙන ඇති අතර මෙම ජාවාරම පිළිබඳව ස්විස් ෆෙඩරල් අධිකරණය පරීක්‌ෂණයක්ද අරඹා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුනේ.

මේ වනවිට  අනාවරණය වී ඇති කරුණු අනුව ශ්‍රී ලංකාවේ ළදරුවන් 11,000 ක්‌ විදේශ රටවලට අලෙවි කර ඇති බව සොයාගෙන ඇතිබව එම රූපවානී නාලිකාව වාර්තා කර ඇති අතර  ඇතැම් විට ව්‍යාජ ලියවිලි මත මෙම ළදරුවන් අලෙවි කර තිබෙන බවද සඳහන්.

වසර ගණනාවක් තිස්සේ සිදුකරගෙන ගිය  මෙම ජාවාරමට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයකු ද සම්බන්ධ වී ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.

 


 

YOU MAY ALSO LIKE