Monday, June 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘ජනපති සටනට මා සූදානම්‘ - අනුරට,මංගලට , රාජිතට ගෝඨාභය රාජපක්ෂ පිළිතුරු දෙයි - නෙත් ගොසිප් වෙත කී කතාව මෙන්න (VIDEO)

10021Views

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් නොකළ බවත්, යුද්ධය අවසන් වන මොහොතේ එතුමා ජනාධිපති වී සිටියා පමණක් බවත් පසුගියදා ජනාතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශය කාගෙත් අවධානයට යොමුවිය.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ කිසිවෙකු එවැන්නක් ප්‍රකාශ කරනවා නම් ඔහු පැවති යුද්ධය පිළිබඳව කිසිම අවබෝධයක් නොමැති අයෙකු යන්නයි.ඔහු මේ බව පැවසුවේ ‘නෙත් ගොසිප්‘ සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

රටේ විශාල කොටසක් අත්පත් කරගෙන සිටි, රජයේ හමුදාවන්ට පවා තිබූ අවි අයුධ සහිත ත්‍රස්ත කණ්ඩයමක් රටේ පාලකයාගේ මැදිහත් වීමකින් තොරව ඉබේ අවසන් කළ හැකි යැයි නිගමනයකට පැමිනෙනවා නම් ඔහු යුද්ධය පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති අයෙකු බව හිටපු ආරක්ෂකලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද හිටපු ආරක්ෂක ලේකම්වරයා අදහස් දැක්වීය.

එහිදී ඔහු සඳහන් කළේ මෙරට අවුරුදු ගණනක් තිබූ යුධමය වාතාවරණය අවසන් කිරීමට ශ්‍රී ලංකා හමුදාවන් කළ කැපකිරීම නොදන්නා අය මෙවැනි ප්‍රකාශ සිදු කරන බවයි.ත්‍රිවිධ හමුදාවන් සටන් කළේ ත්‍රස්තවාදි කණ්ඩායමක් සමග මිස සිවිල් කණ්ඩායමක් සමග නොවන බවද එතුමා සඳහන් කළේය.

‘හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ලැබේ නම් තමා මීළඟ ජනාධිපතිවරණ සටනට තමා සූදානම් බවත්‘ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය. බැසිල් රාජපක්ෂ මහතාත් තමාත් අතර කිසිදු මත ගැටුමක් නොමැති බවත්, මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කරන ඕනෑම අයෙකුට එකාබද්ධ විපක්ෂයේ සහයෝගය හිමිවන බවද එතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

මෑතකාලයේ බිහිවූ භයානකම රාජ්‍ය නිළධාරියා ගෝඨභය රාජපක්ෂ යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා කළ චෝදනවාකටද ඔහු මෙහිදී පිළිතුරු ලබාදුන්නේය.මෙවැනි ප්‍රකාශ සම්න්ධයෙන් තමාට ඇත්තේ කණගාටුවක් පමණක් බවත් දේශපාලන මඩ ගැසීම් මිසක මෙවැනි ප්‍රකාශ වල කිසිදු පදනමක් නොමැති බව ඔහු සඳහන් කළේය

88/89 කාල වකවානුව තුළ රටේ තිබූ භයානක තත්වය ජනතාව හොඳින් දන්නා බවත් ඒ සමයේදී තරුණ තරුණියන් විශාල වශයෙන් මරා දැමුණු බවත්, ඒවා පිළිබඳ කතා නොකොට රටේ ත්‍රස්තවාදය අවසන් කිරීමට මුල් වූ පුද්ගලයා භයානක යැයි කියනවා නම් එවැනි දේ දේශපාලන මඩ පමණක්ම බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදීසඳහන් කළේය.

සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.

 

YOU MAY ALSO LIKE