Monday, June 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මං හුඟක් හිතුවා..ඒත් මට දැන් මහන්සියි - ලොව පුරා ක්‍රිකට් රසිකයින් උමතු කළ සුපිරිතමයා ඒබි ඩිවිලියර්ස් ක්‍රිකට් පිටියෙන් සමුගෙන යයි (VIDEO)

5930Views

ලොව පුරා ක්‍රිකට් රසිකයින්ගේ හදවත් දිනාගත් දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රීඩක ඒබී ඩිවිලියර්ස්  ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ක්‍රිකට් පිටියේ එදා මෙදා තොර බිහිවූ දක්ෂතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ඩිවිලියර්ස්  මේ වන විට  ටෙස්ට් තරඟ 114කට ක්‍රීඩා කොට ඇති අතර , සහභාගී වී ඇති එක්දින තරඟ ගණන 228ක්.එමෙන්ම දකුණු අප්‍රිකාව වෙනුවෙන් විස්සයි 20 තරඟ 78කටද ඔහු ක්‍රීඩා කොට තිබෙනවා.

ආබාධ තත්වයන් නිසා ඩිවිලියර්ස්ට පසුගිය සමයේ තරඟාවලි කිහිපයක්ද අහිමි වුණා.සිය සමුගැන්ම ගැන සටහන් කරමින් ඒබි පවසන්නේ මෙවැන්නක්.

‘මෙය ඉතා අපහසු තීරණයක් වුණා.ඒත් මට දැන් මහන්සියි.මම දිගු කාලයක් මේ තීරණය ගන්න කලින් කල්පනා කළා.මා තවමත් හොඳින් ක්‍රීඩා කරනවා.එවැනි වෙලාවක සමුගන්න මා කැමතියි‘.

ඩිවිලියර්ස් ජාත්‍යත්ර ක්‍රිකට් පිටියට එක්වන්නේ 2004 වසරේදීය.දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 8765 රැස්කොට ඇති ඩිවිලියර්ස් ටෙස්ට් සහ එක්දින තරඟ වලදී සිය පිතිකරු සාමාන්‍ය 50 ඉහළින් රැඳවා ගැනීමට හැකිවූ අතලොස්සක් ක්‍රීඩකයන් අතරින් අයෙකි.

ඩිවිලියර්ස්ගේ අවසන් ටෙස්ට් ශතකය පසුගිය මාර්තු මාසයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කළේය.

දකුණු අප්‍රිකාවේ ටෙස්ට් නායකයෙකු ලෙසද කටයුතු කළ ඩිවිලියර්ස්, පන්දු 75කින් ශතකයක් රැස් කරමින් දකුණු අප්‍රිකාව වෙනුවෙන් වේගවත්ම ටෙස්ට් ශතකය රැස්කළ පිතිකරුවා වාර්තාවටද හිමිකම් කියයි.

එමෙන්ම පන්දු 31 කින් ශතකයක් රැස්කරමින් එක්දින ඉතිහාසයේ වේගවත්ම ශතකයටද හිමිකම් කියන්නේ ඩිවිලියර්ස්ය.

ඔහුගේ සමුගැන්ම ගැන පවසන දකුණු අපිකානු ක්‍රිකට් සභාපති ක්‍රිස් නෙන්සානි පවසන්නේ ඒබි ඩිවිලියර්ස් යනු දකුණු අප්‍රිකාවෙන් බිහිවූ සුවිශේෂිම ක්‍රීඩකයෙකු බවයි.එමෙන්ම ඔහු සිය ක්‍රීඩාවෙන් ලොව පුරා ක්‍රිකට් රසිකයන් උමතු කළ බවද ඔහු පවසයි.

සිය සමුගැන්ම ප්‍රකාශයට පත්කරමින් ඒබි ඩිවිලියර්ස් නිකුත් කළ වීඩියෝව පහතින් දැක්වෙයි.

 


 

YOU MAY ALSO LIKE