Monday, June 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

දුරකතනය පෙම්වතියට දෙන්නැයි පවසා තරුණයෙකු ගං වතුරට පනී...!

2732Views

මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟ ඇති වී තිබෙන ගංවතුර තත්ත්වයන් නැරඹීම සඳහා නොයන ලෙස පොලීසිය ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා. කෙසේ නමුත් එම උපදෙස් නොතකා ජලගැලීම් වලට ලක්වුනු ප්‍රදේශ වලට ගොස් එම සිදුවීම් ඡායාරූපගත කිරීමට බොහෝ අය පෙළඹී සිටිනවා.

එසේම පසුගියදා වෙන්නප්පුව ප්‍රධාන පෙළේ විදුහලක ඉගෙනුම ලබන ආර්. එම්. ලක්‍ෂාන් නමැති 17 හැවිරිදි සිසුවෙකු ගංවතුර නැරඹීම සඳහා  ලුණුවිල ප්‍රධාන යකඩ පාලම මතට ගොස් එහි සිට ඡායාරූප ලබාගෙන ඇති අතර එම  අවස්ථාවේදී තම පෙම්වතිය සමඟද දුරකතනය ඔස්සේ කතාබහ කර තිබෙනවා.

කෙසේ වෙතත් ටික වේලාවකින් අත තිබූ ජංගම දුරකථනය තම පෙම්වතිය දෙන්නැයි අසල සිටි අයෙකුට පවසා එම සිසුවා පාලමෙන් ගංගාවට පැන තිබෙනවා.මියගිය තරුණයාගේ සිරුර සෙවීමට වෙන්නප්පුව පොලිසිය හා ගම්වාසීන් මේ දක්‌වා උත්සාහ ගෙන තිබුනද ධාරානිපාත වර්ෂාව හා අධික ගංවතුර නිසා සියළු උත්සාහයන් ව්‍යර්ථ වී තිබෙනවා.

මෙම තරුණයා දියට පණින අවස්ථාවේ තවත් හිතවතුන් කිහිප දෙනෙකුම ඔහු අසල සිට ඇති අතර  ප්‍රේම සම්බන්ධයක්‌ මත ඇතිවූ හදිසි හිත් වේදනාවක්‌ මත මෙලෙස සියදිවි හානිකර ගන්නට ඇතැයි විශ්වාස කෙරේ.




 

කිරිමැටියාන - ඇන්ටනි රෝස්‌ , නාත්තන්ඩිය රෙක්‌ස්‌ හැරිසන්

YOU MAY ALSO LIKE