Wednesday, December 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ධනංජය ද සිල්වාගේ පියා රත්මලානේදී වෙඩි තබා ඝාතනය කරලා - කොදෙව් සංචාරයෙනුත් ඉවත් වෙයි

13273Views

ගල්කිස්ස ප්‍රදේශයේදී ඊයේ(24දා) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන කේ. රංජන් සිල්වා මහතා ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

රත්මලාන ප්‍රදේශයේ ඥානේද්‍ර මාවතේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන්  තවත් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මිය යන විට 62 හැවිරිදි වියේ පසුවූ ඔහු දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළේය.

සිද්ධිය පිලිබදව මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරයි

ශ්‍රී ලංකා කණඩයමේ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරග සංචාරයටද  ධනංජය ද සිල්වා ඇතුළත්ව සිටි අතර, සිය පියාගේ අභාවය හේතුවෙන් එම සංචාරයෙන් ඔහු ඉවත්ව ඇති බවද වාර්තා වේ.
 


 

YOU MAY ALSO LIKE