Wednesday, December 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ධනංජය ද සිල්වාගෙන් ක්‍රිඩා ලෝලීන්ට පණිවුඩයක්!

21824Views

රත්මලාන ප්‍රදේශයේදී ඊයේ (24) සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වූ දෙහිවල ගල්කිස්ස මහ නගරසභාවේ නාගරික මන්ත්‍රී රංජන් සිල්වා මහතාගේ පුතු වන ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පුද්ගලික කළමණාකරණ කණ්ඩායම ඒ සම්බන්ධයෙන් නිළ ප්‍රකාශයක් සිදු කොට ඇත.

සිය පියාගේ අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් මිතුරන්, ඇතුළු ලොව පුරා ක්‍රිකට් රසිකයින්ට කණගාටුවෙන් යුතුව දැනුම් දෙන බව ධනංජය ද සිල්වා එහිදී සඳහන් කර තිබේ.

මෙම සියල්ලම සිදුවූයේ කොදෙව් සංචාරය සිදුවීමට නියිමිතව තිබූ සන්ධ්‍යාවේ බවද ඔහු සඳහන් කරයි.

තම ආදරණීය මෑණියන් සහ පවුලේ හිතවතුන් වෙනුවෙන් සියලු දෙනාගේ යාඥාවන් ලබාදෙන්නැයිද ඔහු ඉල්ලීමක් කර තිබේ.

ඉදිරි දින කිහිපය තුළදී ඔහුට,සහ පවුලේ උදවියට කම්පනකාරි සිදුවීම් වලට මුහුණ දෙන්නට සිදුවනු ඇති බවත් මෙම කණගාටුදායක මොහොතේ ඔවුන්ගේ පෞද්ගලිකත්යට සියලු දෙනා ගරු කරනු ඇති බවත් එහි සඳහන් වේ.

පියාගේ මරණය වෙනුවෙන් සංවේගය පලකරමින් පණිවුඩ එවූ සියලු දෙනාට සිය ස්තූතිය පළ කරන ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරයටද සුභ පතා තිබේ.


 

 

YOU MAY ALSO LIKE