Tuesday, September 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ශ්‍රී ලංකා සංචාරයට පෙර ඩීවිලියර්ස් සමුගත්තේ ශ්‍රී ලංකා දඟ පන්දුවට බිය නිසාද ? ක්‍රීඩා විචාරකයන්ගෙන් ඩීවිලියර්ස්ට ප්‍රශ්නයක් .!

4836Views

දකුණු අප්‍රිකානු පිතිකරු ඒ.බී ඩීවිලියර්ස් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වූ පුවත නෙත් ගොසිප් අප මින් පෙර වාර්තා කළා. මෙහිදී සමුගැනීමේ තරගයකට හෝ ක්‍රීඩා නොකර ඒ. බී ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් සමුගැනීම අන්තර්ජාතික මාධ්‍යයන් වල පවා කතාබහට ලක්වුනා.

දකුණු අප්‍රිකානු කණ්ඩායමට මීළග සංචාරය යෙදි තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සමගයි. ඒ අනුව ඩීවිලියර්ස්ට ක්‍රීඩාවෙන් සමු ගැනීමේ තරගයකට ක්‍රීඩා කිරීමට තිබුනේ නම් ඒ ශ්‍රී ලංකාව සමගයි. කෙසේ වෙතත් සමු ගැනීම පිළිබදව ඩීවිලියර්ස් පවසන අන්දමට නම් ඉන්දියාව සමග සාර්ථක තරගාවලියක් සහ ඔස්ට්‍රේලියාව සමග සාර්ථක තරගාවලියකින් අනතුරුව සමු ගැනීම වඩාත් හොඳ බවට ඔහු සිතයි. මෙහිදී ඩීවිලියර්ස් නොකියා කියන්නේ ශ්‍රී ලංකාව සමග තරගාවලිය තමාට මෙන්ම තම කණ්ඩායමටද ජයග්‍රාහී තරඟාවලියක් විය නොහැකි බවදැයි ඇතැම් ක්‍රීඩා විචාරකයන් ප්‍රශ්න කර තිබුනි.

අවසන් වරට දකුණු අප්‍රිකානූ කණ්ඩායමට ශ්‍රී ලංකා සංචාරයක් යෙදි තිබුනේ පසුගිය 2014 වසරදීය. මෙම තරගාවලියේදි ශ්‍රී ලංකාවට පැමිණෙන ඩීවිලියර්ස් තරගාවලියේ ටෙස්ට් තරග දෙක තුල ඉනිම් හතරේදීම ලබා ගැනීමට සමත් වන්නේ එකම අර්ධ ශතකයක් පමණකි. ඒ වන විට ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ ප්‍රබලම පිතිකරුවා වූ ඔහු ලක්මාල් සහ රංගන එක වරක් බැගින් ගොදුරු කර ගනිද්දී ඩිල්රුවන් පෙරේරා දෙවතාවක් දවා ගන්නේ ශ්‍රී ලාංකේය තනතීරූ වල ඔහුගේ දුර්වලත්වය උපයෝගී කරගෙනය. 

මේ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායමට මීළඟට යෙදි තිබෙන ශ්‍රී ලංකා සංචාරයට පෙර ඩීවිලියර්ස් සමුගන්නේ ශ්‍රී ලංකාවේදී අසාර්ථක වීමට ඇති බිය නිසා යන්නදැයි විචාරකයන් ප්‍රශ්න කර තිබුණි.

වේග තනතීරූ සහිත රටවල පිතිකරුවන් ශ්‍රී ලංකාව හමුවේ අසරණ වීම ගැන පසුගියදා ඉන්දීය පුහුණුකරු රවී ශාස්ත්‍රී පවසා තිබුණේ ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව යම් අසාර්ථක බවක් පෙන්නුවද ඔස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාව,එංගලන්තය වැනි රටවල් ශ්‍රී ලංකාවට පැමිණියහොත් පුර්ණ තරගාවලි සුද්දයක් දීමට හැකි තැනක ශ්‍රී ලංකාව සිටින බවය. මෙම තත්වය ගැන රවී ශාස්ත්‍රී පැහැදිලි කර තිබුනේ ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාවට පැමිණ ටෙස්ට් තරග තුනම පරාජය වී ගිය ඕස්ට්‍රේලියා කණ්ඩායම පිළිබඳව සිහි කරමිනි.

ඕස්ට්‍රේලියානු මාධ්‍ය මගින් ඩොන් බ්‍රැඩ්මන්ගේ දෙවන උපත ලෙස සැලකු ඇඩම් වෝජස්, ඩේවිඩ් වෝනර් පමණක් නොව ස්ටිව් ස්මිත් පවා එම තරඟාවලියේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හමුවේ අසරණ වන අකාරය දක්නට හැකි වූ අතර මෙම තත්වය මත සමුගන්නට ආසන්න වී සිටින ඩීවිලියර්ස්, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන් වැනි පන්දු යවන්නන් හමුවේ සිය අවසන් තරගාවලිය අසාර්ථක කර ගැනිමට බියෙන් මෙලෙසින් සමුගත් බවටද  වැඩිදුරටත් කරුණු දක්වමින් ක්‍රීඩා විචාරකයන් සදහන් කර තිබේ.

YOU MAY ALSO LIKE