Wednesday, December 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

20ට එරෙහිව සංඝ ආඥාවක්ද නිකුත් කරලා - විධායක ජනාධිපති ක්‍රමය අහෝසී කරන 20 , ජවිපෙ කතානායකට බාර දෙයි .! (PHOTOS)

3155Views

ආන්දෝලනයට තුඩු දුන් 20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජනතා විමුක්ති පෙරමුණ විසින් කතානායකවරයාට බාර දී තිබෙනවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුලු තවත් යෝජනා රැසක් මෙම 20 වෙනි ව්‍යවස්තා සංශෝධන පනත් කෙටුම්පතෙහි අඩංගු වන බව සදහන්.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පුද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස මෙය පක්‍ෂ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් කතානායක කරූ ජයසූරීය වෙත භාර දෙනු ලැබුවා.

කෙසේ වෙතත් අදාල 20 වෙනි ව්‍යවස්තා සංශෝධනයේ අඩංගු යෝජනා වලට එරෙහිව බොහෝ දෙනා පසුගිය දිනවල අදහස් දැක්වූවා. පසුගියදා කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවති ජාතික මහා සංඝ නියෝජිත සමුළුව විසින් ඒකමතිකව සම්මත කළ සමුළු ප්‍රකාශය මගින් මෙම 20 වෙනි ව්‍යවස්තා සංශෝධනයට එරෙහිව සංඝ ආඥාවක්ද නිකුත් කිරීම විශේෂත්වයකි.

සබැඳි පුවත් : "මැක්කා විසින් බලු වරිගයම වනන්න හදන ව්‍යවස්‍තාවක්, සංඝ රත්නයට වඩා එන්.ජී.ඕ වලට මුල්තැන" ජවිපෙ ගෙන එන ව්‍යවස්තාවට එරෙහිව සංඝ සමුලුවක් .! (VIDEO)

 

ජාතික මහා සංඝ නියෝජිත සමුළුවේදී 20 වෙනි ව්‍යවස්තා සංශෝධනය පිළිබදව පළවූ අදහස්

YOU MAY ALSO LIKE