Wednesday, December 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"එජාපයට එන්න වගේම ඇවිත් සුජීව සේනසිංහ ඉස්සරහා හැරිලා ගියේ ලොකු පුතා" ධනංජය ද සිල්වාගේ පියාගේ දේශපාලනය ගැන කවුරුත් නොදන්න කතාවක් .! (VIDEO)

20970Views

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රංජන් සිල්වා වෙඩි තබා ඝාතනය කිරීම පිළිබද පුවත නෙත් ගොසිප් මින් පෙර වාර්තා කළෙමු. දෙහිවල ගල්කිස්ස මහ නගරසභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කේ. රංජන් සිල්වා මියයන විට 62 හැවිරිදි වියේ පසු වූවා.  

රත්මලාන ප්‍රදේශයේ ඥානේන්ද්‍ර මාවතේ සිදුවූ වෙඩි තැබීමකින් මෙම මරණය සිදුවූ අතර තවත් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. 

තිදරු පියෙකු වන රංජන් සිල්වාගේ බාල පුතු ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් මවුබිමට අභිමානයක් ගෙන එද්දි ඔහුගේ වැඩිමහල් පුතු සාවිත්‍ර රමාල් ද සිල්වාද මින් පෙර කතාබහට ලක්වූ චරිතයක්.

ශ්‍රී ලංකාවේ ලබාලතම නාගරික මන්ත්‍රීවරයා ලෙස දෙහිවල ගල්කිස්ස නගර සභාව නියෝජනය කළ සාවිත්‍ර ද සිල්වා 2015 ජනාධිපතිවරණයේදි  සිදු කළ ක්‍රියාවක් කතාබහට ලක්වූවා. 2015 ජනාධිපතිවරණය සමයේ එවකට එක්සත් ජනතා නිදහස් සංධානයේ සිට පොදු විපක්ෂයට පැමිණීමට සාවිත්‍ර ද සිල්වා එජාපයේ මාධ්‍ය හමුවකට සහභාගී වූවා.

මේ සදහා එවකට කොළඹ දිස්ත්‍රීක් පාර්ලීමේන්තු මන්ත්‍රී සූජීව සේනසිංහ ඇතුලු පිරිසක්ද සහභාගීව සිටියා. කෙසේ වෙතත් එජාප මාධ්‍ය හමුවේදි තමන් පක්ෂය මාරු නොකරන බවටත්, ජනාධිපතිවරයා පාවා දීමටත් නොහැකි බව කියමින් සාවිත්‍ර ද සිල්වා මාධ්‍ය හමුවෙන් නැගිට ඒම අතිශය කතාබහට ලක්වූවා.

ඉන්පසුව පැවති පළාත් පාලන මැතිවරණයෙන් සාවිත්‍ර සහ ධනංජයගේ පියා වන මියගිය කේ. රංජන් සිල්වා දෙහිවල ගල්කිස්ස නගර සභාවට සභිකයෙකු ලෙස තේරී පත් වුනා. 

2015 ජනපතිවරණය සමයේ සාවිත්‍ර ද සිල්වා සහභාගී වූ මාධ්‍ය හමුව පහතින් ,

 

 


 

YOU MAY ALSO LIKE