Monday, June 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"මේ චෙක්‌ එක දුන්නේ කවුද කියා මතක නෑ" අර්ජුන් ඇලෝෂියස්ගෙන් මිලියනයක චෙක් පතක් ගත්තු චෝදනාවට දයාසිරිගෙන් අපූරූ පිළිතුරක් .!

2289Views

පාර්ලීමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට පර්පචුවල් ට්‍රේෂරීස් සමාගමට අනුබද්ධ සමාගමකින් රුපියල් මිලියනයක චෙක් පතක් ලබා දී තිබෙන බවට පුවතක් වාර්තා වූවා. පසුගිය 2015 වසරේ ජුනි මස 13 වෙනි දින මෙම චෙක්පත එවකට වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරීයා ලවා මාරු කරවා තිබෙන බවට සදහන්.

මේ පිළිබදව චෝදනා එල්ල වීමත් සමග මන්ත්‍රීවරයා ඊයේ පාර්ලීමේන්තුවේදි සිදුවීම පිළිබදව අදහස් දැක්වූවා. එහිදි මන්ත්‍රීවරයා කියා සිටියේ " 2015 ජුලි 13 වැනිදා මේක සිද්ධ වුණේ. එවිට මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ නොවේ, වයඹ පළාත් ප්‍රධාන ඇමැති. ඡන්දයට නාමයෝජනා භාරදී තිබුණා. 2015 අගෝස්‌තු 17 පාර්ලිමේන්තුවට මම එනවා. මම පාර්ලිමේන්තුවේ හෝ කෝප් එකේ පෙනී සිටියේ අර්ජුන්  ඇලෝෂියස්‌ට එරෙහිවයි. මේ චෙක්‌ එක දුන්නේ කවුද කියා මතක නෑ. අර්ජුන්  ඇලෝෂියස්‌ ද වෙනත් අයකු ද එය අත්සන් කර තිබුණේ කියා දන්නේ නෑ. අපි එහි තිබූ මුදල් මාරුකර ගත්තා. අපි දේපළ ලියාගෙන නෑ. ගෙවල් අරගෙන නෑ" යනුවෙනි.

ව්ඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා "අර්ජුන්  ඇලෝෂියස්‌ මහතාත් ඔහුගේ පියාත් අවුරුදු ගණනාවක සිට දන්නා අය. ව්‍යාපාරිකයන් ලෙස අපි ඔවුන්ව ආශ්‍රය කර තිබෙනවා. සෑම ඡන්දයකදීම මේ ව්‍යාපාරිකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභා මන්ත්‍රීවරුන්ට සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට උදව් කරනවා. මේ රටේ දේශපාලනය යන්නේ ඒ ආකාරයටයි. ඒ අනුව මේ අය අපටත් උදව්කර තිබෙනවා.

මේ සිද්ධිය වෙද්දී මා කෝප් කමිටුවේ සාමාජිකයෙක්‌ නොවේ. මම කෝප් කමිටුවට පත්වන්නේ 2015 අගෝස්‌තු 17 වැනිදා. එදා සිට මා හැම විටම බැඳුම්කර සිද්ධියේදී අර්ජුන මහේන්ද්‍රන් කළ ක්‍රියාවට විරුද්ධව පෙනී සිටියා.

මේ චෙක්‌පත මගේ නමට ලියූ එකක්‌ නොවේ. මෙය මුදල් චෙක්‌පතක්‌. මට මතකත් නෑ මෙය කවුද දුන්නේ කියලා. අර්ජුන්  ඇලෝෂියස්‌ හෝ වෙනත් කෙනෙක්‌ අත්සන් කර තිබූ චෙක්‌ එකක්‌ ද කියාත් මතක නෑ.

මා දන්නේ නෑ කුමක්‌ද සිදුව තිබුණේ කියලා. නමුත් මේ චෙක්‌පත මාරුකර ඒ මුදල් එදා පැවති මැතිවරණ ව්‍යාපාරයට අරගෙන තිබෙනවා. මේ වගේම ප්‍රමාණයක්‌ ගත් තව මන්ත්‍රීවරුන් ඉන්නවා. මේ අය ගැන තොරතුරු මා ළඟ තිබෙනවා.

බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ තව පිටු තුන් දහසක්‌ තියෙනවා. ඒ පිටු ඉදිරිපත් කරන්න. ඒවා ඇතුළේ අර්ජුන්  ඇලෝෂියස්‌ගෙන් මුදල් ගත් අයගේ නම් තියෙනවා. අපි  ඇලෝෂියස්‌ලාගේ සල්ලි අරන් ඒ අය ආරක්‍ෂා කරන්න කටයුතු කළේ නෑ. මේ බැඳුම්කර ගනුදෙනුව ආරක්‍ෂා කරන්න මම පොත් ගැහුවෙත් නෑ. කෝප් කමිටු වාර්තාව නතර කරන්න මම උසාවි ගියේත් නෑ.." යනුවෙන්ද පාර්ලීමේන්තුවේදි පැවසූවා.

YOU MAY ALSO LIKE