Tuesday, September 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

රැවටිච්ච තෙවරප්පෙරුම දොස්තරලාට කුණුහරුපෙන්ම බනියි - ගලේවල රෝහලේ පෙරහුරුවකට කඩා වැදුණු ඇමතිවරයා කියූ කතාව .! (VIDEO)

11159Views

ගලේවෙල රෝහලේ සිදු කෙරෙමින් පැවති ආපදා පෙරහුරුවක් අතරතුර එම රෝහලට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම රෝහල් කාර්ය මණ්ඩලයට දැඩි ලෙස බැන වැදුනු පුවතක් වාර්තා වෙනවා.

මාර්ගයේ හදිසි අනතුරක් සිදු වීමෙන් පසු  ප්‍රදේශවාසීන්, පොලීසිය සහ රෝහල් කාර්ය මණ්ඩලය ක්‍රියා කරන්නේ කෙසේද යන්න පුහුණු කිරීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මඟින් ගලේවෙල නගරයේ පෙර පුහුණු වැඩසටහනක් ක්‍රීයාත්මක කර තිබුණි.

ගලේවෙල නගර මධ්‍යයේ මෙය ක්‍රියාත්මක වෙද්දී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම වෙනත් ගමනක් යන අතරතුර දී කඩිනමින් තමන්ගේ මාධ්‍ය කණ්ඩායම සමඟ එක්ව එම ස්ථානයට ගොස් රෝගීන් ඔසවා ගෙන රෝහල් ගත කිරීමේ කාර්යයට එක්වනවාත් සමඟ ඒ අවස්ථාවේ සිටි පුද්ගලයෙකු කියා ඇත්තේ මෙය පෙරහුරු වැඩසටහනක් බව ය.

ඉන්පසුව පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා සිය මාධ්‍ය කණ්ඩායමත් සමඟ ගලේවෙල ප්‍රාදේශීය රෝහලට ගොස් රෝහල් කාර්ය මණ්ඩලයට බැණ වදිමින් මෙම පෙරහුරු ක්‍රියාවලිය නවතා දමන ලෙස කියා තිබේ. එහිදි අමාත්‍යවරයා වෛද්‍යවරුන්ට බැණ වැදුනේ "රෝහලේ සෑබැ අයිතිකරුවන් වන රෝගීන් පැය ගණනක් පෝළීම් වල රදවා පෙරපුහුණු වැඩසටහන් සිදු කිරීම අනවශ්‍යය" බව කියමින්.

කෙසේ වෙතත් මේ පිළිබදව අදහස් දක්වන ගලේවෙල ප්‍රාදේශීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය කැලුම් විජේසිරි කියා සිටියේ මාස කිහිපයකට පෙර සිට මෙම පෙරහුරුව සූදානම් කර තිබුණු බවය. මෙම පෙරහුරුව රජයේ මගින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් බවද වෛද්‍යවරයා පවසනවා. කිසිදු සොයා බැලීමකින් තොරව අමාත්‍යවරයා ඉතා අශෝභන ලෙස රෝහල් භූමියේ හැසිරුණු බවත් පරුෂ වචන කියමින් රෝහල් සේවකයන්ට  බැන වැදුණු බව වෛද්‍යවරයා සඳහන් කළේය.

සිදුවීමේ විඩියෝව පහතින්

 

සිදුවීම පිළිබදව අදහස් දැක්වූ ගලේවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිළධාරී කැලුම් විජේසිරි

 

 

 

 

 

YOU MAY ALSO LIKE