Wednesday, December 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"ගොනාකුඹුරේ අංජුගේ වැඩක්ද ?" ධනංජයගේ පියාගේ ඝාතනය පතාලයේ වැඩක් - ඝාතනය පසුපස ප්‍රබල පාතාල කල්ලි දෙකක ගැටුමක් ?

3602Views

ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන දෙහිවල ගල්කිස්‌ස නගර සභාවේ නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වාට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පාතාල කල්ලියක්‌ විසින් බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.
 
මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 21 දෙනකුගෙන් ප්‍රශ්න කර ඇතත් සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත. මෙම ඝාතනය සඳහා පාතාල කල්ලිය විසින් ටී56 ගිනි අවියක්‌ සහ මිලි මීටර් 9 වර්ගයේ පිස්‌තෝලයක්‌ යොදාගෙන තිබූ අතර රන්ජන් ද සිල්වාගේ සිරුරට වෙඩි ප්‍රහාර 4 ක්‌ එල්ල වී තිබූ බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
 
නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා සිය හිතවතුන් දෙදෙනකු සමග රත්මලානේ ඥනේන්ද්‍ර මාවතේ පිහිටි නිවස ඉදිරිපිට සිටියදී පෙරේදා රාත්‍රී පාතාල කල්ලියක්‌ විසින් වෙඩි ප්‍රහාර එල්ල කර තිබිණි. ප්‍රහාරයෙන් නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මියගිය අතර දෙහිවල ගල්කිස්‌ස නගර සභාවේ සේවකයෙක්‌ සහ ධීවරයෙක්‌ තුවාල ලැබූහ. ඔවුන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
 
ඝාතකයන් මෝටර් රථයකින් පැමිණි බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය පවසයි.
 
ධනංජය ද සිල්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල පැවැත්වෙන ටෙස්‌ට්‌ තරගාවලියට සහභාගි වීම සඳහා නියමිතව සිටියද පියාගේ ඝාතනයෙන් පසු ඔහු සංචාරය අතහැර දමා ඇත.
 
කලක්‌ යුද හමුදාවේ සේවය කළ රන්ජන් ද සිල්වා මහතා ඉන් ඉවත්වී දෙහිවල ගල්කිස්‌ස නගර සභාවේ සේවයට පැමිණ ඇත. මීට වසර කීපයකට ඉහතදී විශ්‍රාම ගිය රන්ජන් ද සිල්වා මහතා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් දෙහිවල ගල්කිස්‌ස නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වී ඉන් ජයග්‍රහණය කළේය. 
 
මීට පෙර රන්ජන් ද සිල්වා වැඩිමහල් පුතු සාවිත්‍ර ද සිල්වා දෙහිවල නගර සභාවට තරග කර ඉන් ජයග්‍රහණය කර නාගරික මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර තිබිණි. මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා පුත්‍රයා වෙනුවට රන්ජන් ද සිල්වා තරග කළ අතර ඔහු ඉන් විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබා ගත්තේය.
 
ගොනාකෝවිලේ රෝහණ නමැනි පාතාල නායකයා සහ ගොනාකෝවිලේ අංජු නමැති පාතාල නායකයා අතර කාලයක පටන් ගැටුම් හටගෙන තිබූ අතර ඒ ගැටුම්වල ප්‍රතිඵලයක්‌ ලෙස මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇත්දැයි පොලිසිය සැක පහළ කරයි.
 
ගොනාකෝවිලේ රෝහණ නැමති පුද්ගලයා රන්ජන් ද සිල්වාගේ හිතවතෙක් වූ බව කියවේ. මීට ඉහත අවස්‌ථා කිහිපයකදීම රත්මලානේ දී පාර්ශ්ව කිහිපයක්‌ සමග රන්ජන් ද සිල්වා අතර මතභේද තිබූ අතර මෙම ඝාතනය පිටුපස ඒ කණ්‌ඩායම් සිටින්නේදැයි යන්න පිළිබඳවද පොලීසිය පරීක්ෂණ පවත්වන බව සදහන්. ඝාතකයන් සෙවීමට ගල්කිස්‌ස පොලිසියේ කණ්‌ඩායමක්‌ යොදවා ඇති අතර මිරිහාන විශේෂ විමර්ශන ඒකකය ද මේ සම්බන්ධයෙන් පරීක්‌ෂණ පවත්වාගෙන යයි. 

YOU MAY ALSO LIKE