Wednesday, December 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ලග්න හයකට සුබපල උදාකරමින් සිදුවන සිකුරු මාරුවෙන් ඔබේ ලග්නයට කොහොමද...? සියළු විස්තර මෙන්න...!

18047Views

සිකුරු යනු නවග්‍රහයන් අතරින් ගුරුට පසු ව සිටින සුබම සුබ ස්‌ත්‍රී කාරක ග්‍රහයාය. එසේම ජල රාශියක්‌ වන කටකය යනු චන්ද්‍රයාගේ නිවහනයි. සඳුගේ නිවහන වන කටකය සිකුරු ග්‍රහයාට සතුරු රාශියක්‌ වන අතර එම සිකුරු කටකය තුළ ගෝචරයේ යෙදීම හේතුවෙන් මෙම කාලසීමාව තුළ ලග්න 12 අතරින් මේෂ, කන්‍යා, තුලා, වෘශ්චික, මකර හා මීන යන ලග්න 6 ට යම් පමණක සුබ ප්‍රතිඵල උදාවන අතර වෘෂභ, මිථුන, කටක, සිංහ, ධනු, කුම්භ යන ලග්නවලට මෙම ග්‍රහ මාරුව එතරම් සුබ දායක නොවනු ඇත. මෙම ග්‍රහ චලිතය ජූලි 5 වැනිදා දක්‌වා පුනාවස, පුෂ හා අස්‌ලිස නැකතට සම්බන්ධව ග්‍රහ ගමනක යෙදෙනු ඇත. රාහු ද මේ වන විට කටකයේ තැන්පත්ව සිටින අතර සිකුරු ග්‍රහයා සමඟ රාහු යෝග වනු ඇත. 
 
 මෙම ග්‍රහ මාරුව හේතුකොට ගෙන මාසයකට ආසන්න ඉදිරි කාලසීමාව තුළ ධාන්‍ය සම්පත් බහුල වනු ඇත. එසේම වැසි තත්ත්වයේ වර්ධනයක්‌ වන අතර ගංවතුර හා කාලගුණ වෙනස්‌කම් බහුල වනු ඇත. විශේෂයෙන් නඵ නිළියන් හා ස්‌ත්‍රීන්ට මෙම කාලසීමාව සුබදායක නැත. තරුණ තරුණියන් අතර නොගැළපෙන සම්බන්ධතා බහුලව ඇති වේ. විවාහ ආශ්‍රිත ගැටලු මෙන්ම රෙදිපිළි හා විසිතුරු භාණ්‌ඩ සම්බන්ධ කටයුතුවලට මෙම ග්‍රහ මාරුව ආශ්‍රිත කාලය සුබදායක නැත. 
 
 පොදුවේ ලග්න වශයෙන් ගත්කල සිකුරු කටකයට පිවිසීම හේතුවෙන් පහත සඳහන් ප්‍රතිඵල උදාවනු ඇත. 
 
 මේෂ 
 
 නීතිය සම්බන්ධ කටයුතුවල අර්බුදකාරී තත්ත්ව ඇති වනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. පපුවේ සෙම් අමාරු හා ලේ සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. තිබූ කල් ගතවන රෝගාබාධ සුවවන අතර ධන ලාභ හිමි වනු ඇත. සෙම් රෝග ඇතිවන අතර යුගදිවි සමගියට කාරණාද ඇති වනු ඇත.
 
 වෘෂභ 
 
 මෙම කාලයේ නෑයෙක්‌ හෝ හිතවතුන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ ණයක්‌ නොලැබෙයි. කාර්යබහුල කාලයකි. සහෝදරයන්ට අසුබ වෙයි. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. අනතුරුවලට ලක්‌විය හැකිය. සහෝදරයන්ට අසුබ වෙයි. 
 
 මිථුන
 
 ධන හානි ඇතිවන කාලයකි. මුහුණේ රෝගාබාධ ඇති වනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය අසුබයි. විදේශ ගමන්වලට එක්‌විය නොහැකිය. යම් පමණක පවුල් ජීවිතය තුළ ගැටුම් ඇතිවන අතර තම සහකාරියගෙන් හෝ සහකරුගෙන් ධනය ලැබීමටද හැකිය. නමුත්a එයින් ප්‍රබල ගැටලු මතුවනු ඇත. සෞඛ්‍ය තත්ත්වය අයහපත්ය. 
 
 කටක 
 
 ඔබගේ පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත. පසුගිය දිනවල පැවති බාධා යම් පමණක ඉවත් වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුqතු නම් මේ කාලයේ අසාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.
 
 සිංහ 
 
 විවාහ ජීවිතයේ කරදර හා බාධාd මෙම කාලසීමාව තුළ උදාවනු ඇත. හදිසි ගමන් බිමන් යැමට නිතර අවස්‌ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. ශරීර සැප නොලැබීම හා විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයෙකුට අපලතාවක්‌ පෙනේ. ශරීර සැප නොලැබීම හා විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත.
 
 කන්‍යා 
 
 මෙතෙක්‌ කාලයක්‌ අඩාලව පැවති යම් යම් කාරණා ඉටුවන කාලයකි. විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයෙකුට අපලතාවක්‌ පෙනේ. ලැබීම් සාර්ථක වන කාලයකි. සමාජයේ පිළිගැනීම ඇතිවන අතර ඔබට අසල්වැසියන්ගෙන් නම් පොඩි පොඩි බාධාද ඇතිවිය හැකිය. සතුරු කරදරයකින් ජයගත හැකිය. බලාපොරොත්තු වූ ණය මුදලක්‌ ලැබීමට හැකිය. සමාජ සේවා පොදු කටයුතුවලින් ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. පරම්පරාගත දේපළ වාසි හිමිවේ.
 
 තුලා 
 
 මුත්‍රා අමාරු හෝ සෙම් රෝග ඇතිවීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ්‍රඵලදායක වේ. අසනීපවලින් යම් සුවයක්‌ අත්වේ. ගෘහ ජීවිතය තුළ වැය පක්‌ෂය ඉහළ යනු ඇත. එදිනෙදා කටයුතුවලදී යම් ආවේගශීලි තත්ත්වයක්‌ දක්‌නට ලැබේ. උසස්‌ කෙනෙකු හෝ අසල්වාසීන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර රැකියාවේ ඉදිරි ගමනට යම් යම් බාධා ඇතිවිය හැකිය. 
 
 වෘශ්චික 
 
 හදිසි ගමන් බිමන් යැමට නිතර අවස්‌ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන්ද යෙදීමට ඉඩ ඇත. ඇස්‌වහ කටවහ දෝෂ හටගැනීමේ ප්‍රවනතාවක්‌ ඇත. රෙදිපිළි හා වස්‌තු ලාභ ලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍ය දේ මිලදී ගැනීමට අවස්‌ථාව ලැබෙන අතර මෙම කාලයේදී ප්‍රනීත රසමුසු ආහාරද ලැබීමේ හැකියාව පවතී.
 
 ධනු 
 

 ඇස්‌ රෝග හා මුත්‍රා අමාරු ඇතිවිය හැකිය. මේ කාලයේදී තම ශරීර සෞඛ්‍ය ගැන විමසිලිමත් වීම වැදගත්. විශේෂයෙන් අහුවෙන්නේ නැති ලෙඩ හැදෙන්න පුඵවන්. ඒ නිසා අසුබ ඵලත් ලැබෙනවා. මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. නමුත් ආදායම් තත්ත්වය යම් ප්‍රමාණයකට වර්ධනය වේවි. 
 
 මකර 
 
 සේවක ගැටළු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටළු පැන නැඟීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හටගැනීමට අවස්‌ථා ඇත. ස්‌වයං රැකියාවල නිරත වන්නන්ට සුබදායකය. රෝගවලට හරියට ප්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය. රැකියාවේ උසස්‌ වීම් වගේම වෙනස්‌වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදුවිය හැකිය. 
 
 කුම්භ 
 
 සතුරු කරදර ඇතිවන අතර රෝග පීඩා හා අස්‌ථාන බිය ඇතිවනු ඇත. රැකියාවේ උසස්‌වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේ දී සිත යොමු වේ. 
 
 මීන 
 
 මහන්සියේ තරමට ප්‍රතිඵල නැතිවිය හැකිය. ඥාතීන් සමඟ මත භේදවලට හේතුවනු ඇත. පිරිමි දරු ලාභ ඇතිවන අතර යම් යම් අංශවලින් සාමාන්‍ය සුබයි. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොඳයි. ඒ වගේම රැකියා ස්‌ථානයෙන් උසස්‌ වීමක්‌ද හිමිවීමට ඉඩ තියනවා. ආගම දහමට නැඹුරුවන කාලයකි. 
 
 
ඉහත සඳහන් පලාපල තත්ත්වයන් ඔබේ ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම්, ගතවන මහ දශා හා අතුරු දශා, ග්‍රහයන් උත්පත්තියේ දී පිහිටි නැකැත් හා 22 වැනි දෙර්කාණාධිපති, 64 නවාංශකාධිපතිගේ තත්ත්වයන් හා විවිධ ග්‍රහ දෘෂ්ටි මත යම් පමණක අඩු වැඩිවීම් සිදුවිය හැකිය.
 
 

දුරකතන -  038-2293771 / 077-2753100
 
 ජ්‍යෙතිෂවේදී, 
 බණ්‌ඩාරගම, සම්පත් එස්‌. කල්පගේ
 "තසුණි" සෙත්කවි හා ජ්‍යෙතිෂ සේවය
 නො. 53/ඒ 1, විහාර මාවත, ගම්මන්පිල, බණ්‌ඩාරගම. 

YOU MAY ALSO LIKE