Wednesday, December 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

දිස්ත්‍රික්ක පහකට අවධානම් රතු නිවේදන නිකුත් කරයි...!

1430Views

පසුගිය පැය 24 ක කාලය තුල  නුවරඑළිය, කළුතර, ගාල්ල , කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වලට මිලිමීටර් 150 ඉක්ම වූ වැසි ලැබීම හේතුවෙන් එම දිස්ත්‍රික්ක පහ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ  සංවිධානය විසින් නායයාමේ අනතුරු ඇඟවීම් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එසේම මහනුවර, මාතලේ, ගාල්ල, කුරුණෑගල, කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලට පනවා තිබූ නාය යාමේ අවදානමද තවදුරටත් බල පැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ  සංවිධානය ප්‍රකාශ කරන්නේ.

මීට අමතරව අවදානම් තත්වයන් ප්‍රකාශ කර තිබූ ගංගාවල ජල මට්ටම පහත යමින් පවතින අතර කළු ගඟේ සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් තවදුරටත් ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.‍

YOU MAY ALSO LIKE