Sunday, October 21, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

දරුවන් ඉදිරියේ මනුෂ්‍යත්වය පෙන්වන්නට ඔබටත් අවස්ථාව..! ඔන්ලයින් පෙත්සමට අත්සන් කර ළමා අයිතින් සුරක්ෂිත කරන්නට එක්වෙමු..!

3352Views

දරුවන්ගේ අයිතීන් සුරක්ෂිත කරන්නට මෙරට රාජ්‍ය අංශයෙන් වගේම බොහෝ සංවිධාන වලින් ලොකු උත්සාහයක් ගන්නවා. නමුත් පසුගිය දින කිහිපයේම ඉතා බරපතල ලෙස ළමා අයිතීන් උල්ලංඝණය වූ අවස්ථා රැසක්ම බොහෝ මාධ්‍යයන් ඔස්සේ අපිට අසන්නට දකින්නට ලැබුණා.

මේ පිළිබඳව අවධානය යොමු කිරීමේදී මෙරට දරුවන් වෙනුවෙන් ලැබෙන ආරක්ෂාව සහ ඔවුන්ගේ අයිතීන් ඇත්තටම සුරක්ෂිතද යන්න පිළිබඳ ගැටළුවක් පවතිනවා. මේ නිසාම අපේ රටේ අනාගතය බාරගැනීමට සිටින දරුවන්ගේ යහපත වෙනුවෙන් අපට කළ හැකි දේ සිදුකිරීම ඉතාමත්ම වැදගත් වනවා.

නමුත් බොහෝ දෙනා ළමා හිංසනය කියන්නෙ මොකක්ද, ළමා හිංසනය සිදුවන්නේ කෙසේද වැනි කරුණු කාරණා කෙරෙහි ඇත්තේ අඩු අවබෝධයක්. මේ නිසා ඇතැම් විට දෙමාපියන් අතින් නොදැනුවත්වම දරුවන් හිංසනයට පත්වන අවස්තාවන් තිබෙනවා.

“සියලු ම ආකාරයේ කායිකව හා මානසිකව ළමයාට කරන්නා වූ නොමනා කි‍්‍රයා, ලිංගික අපයෝජන, නොසලකා හැරීම හෝ  කෲර ලෙස සැලකීම හෝ වාණිජමය හෝ වෙනත් ආකාරයේ සූරාකෑම් හේතුකර ගෙන ළමයාගේ සෞඛ්‍ය පැවැත්ම, සංවර්ධනය, වගකීම, විශ්වාසය හෝ බලය යන සම්බන්ධතා විෂයෙ හි ගරුත්වයට හානි පැමිණවීම හෝ එසේ විය හැකි කි‍්‍රයාකිරීම ළමා අපයෝජනය හා ළමා හිංසනයයි.“ යනුවෙනු ළමා අපයෝජන හා ළමා හිංසනය පිළිබඳ ව ලෝක සෞඛ්‍ය සංවිධානය අර්ථ විග‍්‍රහ කර තිබෙනවා.නමුත් බොහෝ දෙනා සිතන්නේ සිතන්නේ දරුන්ට ලිංගික වශයෙන් සිදුවන හිංසනයන් ළමා හිංසනය බවයි.

ඒ නිසාම රටේම දරුවන්ගේ අනාගතය සුබදායී කරන්නට මේ පිළිබඳව දැනුවත් වී දරුවන් ඉදිරියේ අප මිනිසුන් බව ඔප්පු කර පෙන්වමින් ඔබගේ යුතුකමත් ඉටු කරන්නට අවස්ථාව තිබෙනවා. ඒ වෙනුවෙන් ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට බාරදීමට නියමිත පහත ඔන්ලයින් පෙත්සමට අත්සන් කර ඔබේ අදහසත් එකතු කරන්න.

ඔබේ අත්සනත් මෙතනින් එකතු කරන්න. 


 

YOU MAY ALSO LIKE