Sunday, October 21, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"මෛත්‍රී ඒ කාලේ ජනාධිපතිනම් ප්‍රභාකරන් රට අල්ලන්නේ ෆෝන් කෝල් එකකින්" හිටපු ජනපති මහින්දගෙන් ආන්දෝලනාත්මක කතාවක් .!

12630Views

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් මේ දිනවල දේශපාලනය පිළිබද අදහස් දක්වා තිබුනා.
එම සංවාදය පහතින්,

ප්‍රශ්නය - සෝභිත ස්‌වාමීන් වහන්සේ අනුස්‌මරණය කිරීම සඳහා පැවති උත්සවයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැඩි ස්‌වරයෙන් කතාවක්‌ පැවැත්වූවා. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ඔහු විසින් කරන ලද හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්‌ද...?
 
පිළිතුර - ඒ කතාවෙන් පෙනී යන්නේ අපි කියපු දේ හරි කියන එකනේ... පොදු අපේක්‌ෂකයා ජයග්‍රහණය කළොත් ඔය අනාථභාවයට රටත්, එයත් ලක්‌වෙන බව අපි එදා පැහැදිලිවම කිව්වා. අද ඒ දේ සැබෑ වෙලා තියෙනවා. මෙහෙම කෙනක්‌ ඔය පුටුවේ ඉන්න කොට උතුරේ යුද්ධය තිබුණා නම් ප්‍රභාකරන් රට අල්ලන්නේ ටෙලිෆෝන් කෝල් එකකින්. මෛත්‍රීගේ කතාවෙන් පෙනී යන්නේ, ජනවාරි අටවැනිදා ඉඳලා අවුරුදු තුන හමාරක්‌ම රටේ ආණ්‌ඩුවක්‌ තිබිලා නැහැ කියන එකනේ... 

ප්‍රශ්නය - ජනවාරි නව වැනිදා ඔබ පරාජයට පත්වෙනවා. ඊට පස්‌සේ ඔබ තංගල්ල බලා පිටත් වෙනවා. ඒ යන්නේ ආණ්‌ඩුවේ හෙලිකොප්ටරයක නැගලා... ඒ සඳහා ඔබට අවසර දුන්නේ කවුද...?
 
පිළිතුර - මට මොකටද කාගේවත් අවසරයක්‌... මම ගෙදර ගියේ කවුරුවත් දුන්න හෙලිකොප්ටරයකින් නෙමෙයි. ඒ වෙලාවෙත් මේ රටේ ජනාධිපති මමයි. ඡන්ද ප්‍රතිඵලය එන්නත් ඉස්‌සෙල්ලා, මම ගෙදර ගියා. සමහරු පක්‌ෂ නායකත්වයෙන් යන්නේ නැතුව දඟලන කොට අපි ජනතා මතයට හිස නමලා ඒ පුටුව දාලා ගෙදර ගියා. ඒකට මම කාගෙන්වත් අවසර ගන්න ඕනෙද...?

ප්‍රශ්නය - ඔබ දැන් ඊළඟ මැතිවරණයක්‌ සඳහා සූදානම් වෙනවා ඇති... ඒ සඳහා මොකක්‌ද ඔබේ සූදානම...? 
 
 පිළිතුර - අපි දැන් දිනලා ඉන්න පක්‌ෂයක්‌... මේ රටේ ප්‍රාදේශීය ආණ්‌ඩුව තියෙන්නේ අපේ අතේ... මේ බයට මේ අය ආයෙත් ඡන්දයක්‌ තියන්නේ නැහැ... හරියට බලනවා නම් දැන් පළාත් සභා ඡන්දය තියන්න ඕනේ. ඒ අය ඡන්දවලට බයයිනෙ... ඒ කියන්නේ මහජන මතය තමන්ට නැහැ කියලා එයාලා දන්නවා... එජාපය, මෛත්‍රී, ජවිපෙ කියන තුන්ගොල්ලොම එකතුවෙලා තමයි මේ ඡන්ද කල් දාන්නේ... අපි මේ දවස්‌වල සටන් කරන්නේ පළාත් සභා ඡන්දයක්‌ ඉල්ලලා... මේ අය ඒක පවත්වන්නේ නැහැ කියන එක තමයි මගේ අදහස... හැබැයි 2019දී ඒ අයට ජනාධිපතිවරණයක්‌ තියන්නම වෙනවා. අපි ඒකටත් ලැහැස්‌ති වෙනවා. 
 
ප්‍රශ්නය - 2019 ජනාධිපතිවරණය සඳහා ඔබ සූදානම් නම් කවුද ඔබේ පාර්ශවයේ අපේක්‌ෂකයා...?
 
පිළිතුර - ඒක තීරණය කරන්නේ අපේ ජනතාව... ඒකාබද්ධ විපක්‌ෂය සහ පොදුජන පෙරමුණ එකතුවෙලා ඒක තීරණය කරාවි.

ප්‍රශ්නය - 2019 ජනාධිපතිවරණය සඳහා ඔබ සූදානම් නම් කවුද ඔබේ පාර්ශවයේ අපේක්‌ෂකයා...?
 
පිළිතුර - ඒක තීරණය කරන්නේ අපේ ජනතාව... ඒකාබද්ධ විපක්‌ෂය සහ පොදුජන පෙරමුණ එකතුවෙලා ඒක තීරණය කරාවි.

ප්‍රශ්නය - ගෝඨාභය රාජපක්‌ෂ මහතා ඊළඟ ජනාධිපති අපේක්‌ෂකයා ලෙස රටේ බොහෝ දෙනෙක්‌ සලකන බව පෙනෙනවා...
 
පිළිතුර - ඔව්... එහෙම මතයක්‌ රටේ තියෙනවා. අපි ඒ ගැනත් සැලකිල්ලක්‌ දක්‌වනවා.


 

සංවාදය : මනෝඡ් අබයදීර/ දිවයින

YOU MAY ALSO LIKE