Wednesday, August 22, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

රටටම අඬබෙර නොගහා හැකි පමණින් මිනිසුන්ට උදවු කරන හිත හොද දොස්තර ප්‍රසාද් .! (PHOTOS)

6806Views

දානයේ සරලම අරුත දීමයි. තමා සිදුකරන දානය පරිත්‍යාගයක්, පූජාවක් හෝ උපකාරයක් හෝ විය හැක. මේ කුමක් වුවද එය දානයකි.  මෙහිදී වැදගත් වනුයේ දෙනු ලබන දානය තුන්සිත පහදවා ගෙන සප්‍රීතික තෘෂ්ණාවෙන් තොරව දීමයි. තුන්සිත යනු යමක් දීමට සිතන අවස්ථාවේ ඇතිවන සිත පළමු සිතයි.
 
එම දානය සිදු කරන අවස්ථාවේ ඇතිවන සිත දෙවන සිතයි. එය දීමෙන් පසුව ඇතිවන සතුටු සිත තුන්වන සිතයි. මේ සිත් තුනම ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල් චේතනා වලින් තොර විය යුතුයි. ඒ එවිට දුන් දානයේ ආනිශංස මහත්ඵල වේ. මොහු එවැන්නෙකි කිසියම් හෝ දෙයක් බලාපොරොත්තුවෙන් මොහු එවැනි දේ නොකරයි.

මරණයට කැපවුණු ගවයන්ට අභය දානය ලබා දීම මොහු  කරන සේවයකි . තවද  භික්ෂුණි සාසනය උදෙසා සුවිශාල වූ මෙහෙවරක් ද  කර ඇත ඒ පුගොඩ ප්‍රදේශයේ තමන්ගේ පුද්ගලික ධනයෙන්. ඉඩමක් ගෙන එහි ආරාමයක් කරවීම මේ වන විටත් ආරම්භ කර ඇත.ඒ ඉඩම දැනටමත් මෙහෙණින්වහන්සේ නමකට පුජාකර ද අවසන් බව තමයි ආරංචි මාර්ග ප්‍රකාශ කලේ. ඒවගේම ඔහු ජිවත් වන කළුබෝවිල ප්‍රදේශයේ කළුබෝවිල සුනන්දාරාමයේ බෝධි ප්‍රකාරය ප්‍රතිසංස්කරණය කිරීමද පසුගියදාක අවසන් විය. වෙහෙර විහාර ප්‍රතිසංස්කරණ කටයුතු වලටනම් ඔහුගේ සහයෝගය නොවඩුව ලැබෙන බව ඔහුව ළගින් දන්නා බොහෝ දෙනෙක් කියන කතාවකි.

එමෙන්ම කොළොන්නාව  රජමහ විහාරයට බුදුපිළිම වහන්සේ නමක්ද පසුගිය දවසක පුජා කර පන්සලේ ප්‍රතිසංස්කරණ කටයුතුද සිදු කළේය.එමෙන්ම රෝද පුටු විශාල ප්‍රමාණයක්ද පරිත්‍යාගය කර ඇත. එමෙන්ම තම ගුරුවරයාට කරණු ලබන කෘතකනතාවය ඇගයීමක් කල යුතුමය. ඒ සැම අවුරුද්දකම චීන කටු වෛද්‍ය විද්‍යාවේ මාහාචාර්ය වරයෙකු වන ඇන්ටන් ජයසුරිය මහතාගේ ගුනානුස්මරණ ය සිහිකිරීම වෙනුවෙ දෙනු ලබන දානමය පුන්‍යකර්මයයි. එමෙන්ම අසරණ මිනිසුන්ට පිහිට වීම ඔහු සැමවිටම කරන ක්‍රියාවකි.

පසුගිය දිනක හොරණ ප්‍රදේශයේ අසරණ පවුලකට මුළුතැන්ගෙයක් සදානිම කර දෙනු ලැබුවේ දානයේ නිසි අරුත දන්නා නිසාවෙනි. එමෙන්ම පොසොන් පෝය නිමිති කරගෙන පැවැත්වුණු දන්සල් කිහිපයකට මොහු ධන පරිත්‍යාගයන් සිදුකළේය. තමන් ධන පරිත්‍යාගයන් කල සැම දන්සලකටම සහබහාගී වුයේ කිසිදු පැකිලීමකින් තොරවය. තමන් පොලවේ පය ගසා ජිවත් වන අයෙක් බව ඔහු සැම විටම ඔප්පුකර අවසන්ය.ගොරකපල විද්යාලාදී පිරිවෙන වැඩවාසය කරන පුජ්‍ය පස් ගොඩ සමිත හිමියන්ගේ  මෑණියන් ට ජිවත් වීම සදහා නිවසක් සාදාගැනීමට උදවු කිරීමට මොහු විසින් සිදුකල තවත් සත් ක්‍රියාවකි.

විශේෂයෙන් මතක් කළ යුත්තක් තිබේ.  ඒ මොහුගේ අධීක්ෂණය යටතේ තිබෙන කළුබෝවිල චීන කටු වෛද්‍ය සයනයේ බදාදා දිනයන්හී අඩු අදායම් ලාබීන්ට නොමිලේ ප්‍රතිකාර ලබාදීමය. ඇගයිය යුත්තා ඇගයීම අපි සැමවිටම කලයුත්තේ එබැවිණි . මොහු ශ්‍රමාභිමානි මෙන්ම දේශහිතෛශී සම්මානයෙන්ද පිදුම් ලැබුවේය.






 

 

YOU MAY ALSO LIKE