Monday, June 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ගණිකා වෘත්තියේ යෙදුනු ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නිළියක් ඇතුලු කාන්තාවන් හත් දෙනෙකුට වැඩ වරදී...! සියළු දෙනාම අත්අඩංගුවට...!

26037Views

ගම්පහ කිඩගම්මුල්ල ප්‍රදේශයේ හෝටලයක මුවාවෙන් පවත්වා ගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් වැටලීමට ගම්පහ මූලස්ථාන ‍පොලීසිය සමත් වී තිබෙනවා.ඊයේ (10)  දා අලුයම එම ගණිකා නිවාසය වටලා එහි ගණිකා වෘත්තියේ යෙදුනු බව කියන ටෙලි නාට්‍ය නිළියක් ඇතුළු තවත් කාන්තාවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එසේම අදාල ගණිකා නිවාසයේ කළමනාකරු සහ අනන්‍යතාවය ඔප්පුකර ගැනීමට නොහැකි වූ එහි සිටි තවත් පිරිමි පුද්ගලයින් 8 දෙනෙකුද සැකපිට ‍ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද කාන්තාවන් අවුරුදු 30 - 40 අතර වයසේ පසුවන්නියන් බවත් ඔවුහු නිට්ටඹුව, ගණේමුල්ල, යාගොඩ, සියඹලාපෙ සහ දෙල්ගොඩ යන ප්‍රදේශයන්හි පදිංචිකාරියන් බවත් අනාවරණය කරගෙන තිබෙනවා. මේ අතර අත්අඩංගුවට ගන්නා ලද නිළිය ටෙලිනාට්‍ය කිහිපයකම විවිධ චරිත රඟපා ඇති අතර ඇය සමාජ ශාලා වල සේවය කර ඇති අයෙක් බවටද අනාවරණය කරගෙන තිබෙනවා. මෙම කාන්තාවන් මීට පෙරද මෙවැනි ස්ථාන වල රැකියාවන්හි නිරත වී ඇති බවද වාර්තා වනවා.

මේ අතර අදාළ ස්ථානයේ කැරොකේ සමාජ  ශාලාවක්ද පවත්වා ගෙන ගොස් ඇති අතර  ඊට ඇතුළු වීම සඳහා  රුපියල් 500 ක මුදලක් අය කරන බවද පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා. එසේම එහි බලපත් දීර්ඝකර ගැනීමකින් තොරව මත්පැන් අලෙවිසලක් පවත්වාගෙන ගොස් ඇති අතර  සමාජ ශාලාවද පවත්වා ගෙන ගොස් ඇත්තේ බලපත්‍ර රහිතව බවයි වාර්තා වන්නේ 

මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගිය හෝටලයෙහි විවිධ අපචාර සිදුවන බවට ලැබී ඇති තොරතුරු මත ගම්පහ කොට්ඨාස භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ලගේ උපදෙස් හා සහකාර ‍පොලිස් අධිකාරී සේනාපති සිල්වාගේ අධීක්ෂණය යටතේ ගම්පහ මූලස්ථාන ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාරගේ මෙහෙයවීමෙන් සිදුකර තිබෙනවා.

 

 

 

 

YOU MAY ALSO LIKE