Wednesday, December 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කර්නල්වරයාට දැක්වූ උපහාරය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට කල  ද්‍රෝහීකමක්...! රටේම අවධානය යොමුවුන සිදුවීම ගැන උතුරේ මන්ත්‍රී කියන කතාව...!

4892Views

පසුගියදා විශ්මඩු හමුඳා කඳවුරේ සිට අඹේපුස්ස හමුඳා කඳවුරට මාරුවක් ලැබූ කර්නල් රත්නප්‍රිය බන්දු සේවා මහතා ගැන බොහෝ දෙනාගේ කතා බහට ලක්වුනේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් විසින් ඉතා සංවේදීව ඔහුට සමුදුන් ආකාරයත් සමඟයි.තමන්ට නැවතත් ජීවය ලබා දෙමින් පියෙකු මෙන් රැකබලා ගත් කර්නල්වරයා වෙන් වී යන පුවත ඇසූ ගම්වාසීන්ගේ සහ හිටපු කොටි සාමාජිකයන් බොහෝ දෙනෙක් ඔහුව වැළඳගනිමින් සමුදුන්නේ අපරිමිත වූ සෙනෙහසින්.

කෙසේ නමුත්  උතුරු පළාත් මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් විසින් මෙම සිදුවීම හෙළා දකිමින් ප්‍රකාශ කර තිබුනේ කිළිනොච්චි ජනතාව කර්නල්වරයාට සිදුකරන ලද උපහාරය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට කරන ලද  ද්‍රෝහීකමක් බවයි. එසේම හිටපු කොටි සාමාජිකයන් එලෙස හැසීරිය නොයුතු බවත්,ඔවුන් එලෙස හැසීරීම තුලින් උතුරේ හමුදා කඳවුරු තවදුරටත් පවත්වාගෙන යායුතු බවට මතයක් උතුරේ ජනතාව තුළ ස්ථාපිත වන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණා.

ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදී.

හිටපු කොටි සාමාජිකයන් කර්නල්වරයාට සමුදුන් ආකාරය දැක්වෙන වීඩියෝව මෙතනින්.

 

YOU MAY ALSO LIKE