Friday, October 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සැමියා මුදල් පසුම්බිය සැඟෙව්වා කියා හොඳටම සූර් වී වසර විස්සක් එකට දීග කෑ බිරිඳ කළ මහ අපරාධය!

6773Views

බීමත් කාන්තාවක විසින් සිය සැමියාගේ හිසට යකඩ ඉන්නකින් පහරදී මරා දමා මළසිරුර නිවෙස අසල වැසිකිළි වළක සැඟවීමට සූදානම්ව සිටියදී පෙරේදා (10දා) සවස අත්අඩංගුවට ගත් බව ගොකරැල්ල පොලිසිය කියයි.

ගොකරැල්ල තිඹිරියාලන්ද ප්‍රදේශයේ නිවෙසකදී මෙසේ අත්අඩංගුවට ගැනුණේ හතළිස් තුන් හැවිරිදි තිදරු මවකි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ සැකකාර කාන්තාවගේ සැමියා වන කෝදාගොඩ ශාන්තලාල් නමැති 46 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකාර කාන්තාව කලෙක සිට මත්පැන් පානයට ඇබ්බැහි වී සිටි බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ. සිද්ධිය වූ දින පෙරවරුවේ සිට ඇය මත්පැන් පානය කර සිටි බවත්, මියගිය පුද්ගලයා ඇගේ මුදල් පසුම්බියක් සඟවාගෙන ඇති බවට ඇති වූ සැකයක් මත මෙම පහරදීම සිදුවී ඇති බවද පොලිසිය කියයි.

ඉබ්බාගමුව කඳුලව තිඹිරියාලන්ද ප්‍රදේශයේ වසර විස්සක් පමණ කාලයක් දීග කෑ මෙම අඹු සැමි යුවළ දැඩිලෙස මත්පැනට ඇබ්බැහි වූවන් බවද වාර්තා වේ. ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා අරක්කැමි යකු ලෙසත්, දෛනික කුලී වැඩ කරමින් සිටි අයකු බව වාර්තාවෙයි. සිද්ධියට සම්බන්ධ කාන්තාවද කුරුණෑගල නගරයේ ආපන ශාලාවක සේවය කරන තැනැත්තියක බවද වාර්තා වේ.

මොවුන් දෙදෙනා සිද්ධිය වූ දින ඉරිදා දවස තුළදීද මත්පැන් පානය කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ඔවුන් දෙදෙනාට වයස අවුරුදු 8ක ගැහැනු දරුවෙක් සහ වයස අවුරුදු 12, 18 වයසෙහි පිරිමි දරුවන් දෙදෙනකුද සිටිති. සිද්ධිය වූ දින දරුවන් කිසිවකුත් නිවෙසෙහි නොසිටි බවද තොරතුරු අනාවරණය වේ.
 

YOU MAY ALSO LIKE