Monday, June 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පැය පහක සැත්කමක් - සැකකරුවන් පැමිණි ජිප් රියත් අල්ලයි - කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ සිද්ධියේ අලුත්ම තත්වය මෙන්න!

16014Views

ඊයේ (12) රාත්‍රීයේ නාදුනන තුවක්කුකරුවන් තිදෙනෙකුගේ වෙඩි ප්‍රහාරයටකට ලක්වී බරපතල තුවාල ලැබූ කතරගම  කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තු ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ට හම්බන්තොට රෝහලේදී පැය 05ක ශල්‍ය කර්මයකට ලක්කර තිබෙනවා. 

පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ගේ උදරය ප‍්‍රදේශයට වෙඩි ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි පැවසෙන්නේ. නාහිමියන් සමඟ සිටි සෝභිත නැමැති හිමිනමක්ද සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිනවා.

කෙසේ වෙතත් ස්වාමින් වහන්සේලාගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවටයි වාර්තා වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර සඳහන් කරනවා.එමෙන්ම  සිද්ධියට සැකකරුවන් පැමිණ තිබූ මෝටර් රථය මේ වන විට පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සිදු වූ අවස්ථාවේදීම කතරගම පොලිසියට අවශ්‍යකරන තොරතුරු ලැබුණු බවත්, ලැබී ඇති සාර්ථක තොරතුරක් ඔස්සේ මේ වන විට විමර්ශන සිදු කරන බවත්, අද දිනය තුළ කෙසේ හෝ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තු වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

කිරිවෙහෙර නාහිමියන් සෝභිත හිමියන් සමඟ කිරිවෙහෙර වැඳ පුදාගෙන  ආපසු එමින් සිටියදී විහාරස්ථානය අසලදී මෙම වෙඩි පහරට ගොදුරු වුණා..රතු පැහැති මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු මෙම වෙඩි තැබීම කර පලා ගොස් ඇතැයි පොලිස් පරීක්ෂණ වලදී හෙලිව තිබුණා.

විහාරවාසී පූජ්‍ය හිනිඳුම සුගතවංශ හිමියන්  සිද්ධිය විස්තර කළේ මෙසේයි.

 "උන් වහන්සේ සෑම දිනකම රාත්‍රියේ කිහිවෙහෙර චෛත්‍ය රාජයානන් වහන්සේ වන්දනා මාන කරන්න කටයුතු කරනවා. එලෙස වන්දනාමාන කරලා පහළට වැඩම කරන අවස්ථාවේදී   යම්කිසි පිරිසක් ඇවිත් උන්වහන්සේට සහ අනෙක් ස්වාමීන් වහන්සේලාට වෙඩි තැබීමක් සිදු කළා. ඉන් නායක ස්වාමීන් වහන්සේට වෙඩි කිහිපයක් වැදිලා තියෙනවා. අනෙක් පොඩි හාමුදුරුවන් වහන්සේටත් වෙඩි වැදිලා තියෙනවා." යනුවෙනි.

    

YOU MAY ALSO LIKE