Friday, October 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තහනම් කිරීමට ආණ්ඩුවේ සැළසුමක්

4503Views

ෆේස්බුක් වෙබ් අඩවිය ඇතුළු සමාජ මාධ්‍ය තහනම් කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගනිමින් සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බව පර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

ඇතැම් විට ආණ්ඩුවේ දුර්වලකම් ප්‍රසිද්ධ මාධ්‍ය වලින්  හෙළදරව් නොවන බවත්, ප්‍රසිද්ධ මාධ්‍ය වලට පනවා ඇති සීමාවන් ඊට හේතුවී ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

නමුත් ආණ්ඩුවේ එම දුර්වලකම් සමාජ මාධ්‍ය වලින් හෙලිදරව් වීම නිසා ආණ්ඩුවට සමාජ මාධ්‍ය ගැටලුවක් වී ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඒ නිසා ඉදිරියේදී ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වලට සීමාවන් පැනීවමට ආන්ඩුවේ සැලැස්මක් ඇති බවත්, ඒ සම්බන්ධ නීතිමය තත්වය මේ වන විටත් අදාළ අංශ වලින් විමසා ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

YOU MAY ALSO LIKE