Monday, June 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබුවේ දේවාලයක කපුවෙක්.. - මීට පෙරත් මරණ තර්ජන කරලා!

4762Views

කතරගම කිරි වෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මානන්ද නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය පිටුපස, කිරිවෙහෙර පුදබිමේ තිබෙන මහසෙන් දේව මන්දිරයේ අයිතිය සම්බන්ධයෙන් හම්බන්තොට පළාත්බද මහාධිකරණයේ පැවැති නඩුවකින් දුන් තීන්දුවක් හේතුවී ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.

වසරකට පෙර දුන් එම තීන්දුව අනුව දේව මන්දිරයේ අයිතිය ඓතිහාසික කිරිවෙහෙර විහාරස්ථානයට පැවරිණි. නඩුතීන්දුව අනුව එම කටයුතු සිදුවූයේ ගෙවුණු මැයි මස 17 වැනි දාය.

වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට දේවාලයක කපුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසියේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ආරවුල හා සම්බන්ධ පුද්ගලයකු මීට ඉහත දී ද නාහිමියන් අසලට පැමිණ අවියක් පෙන්වා මරණ තර්ජනය කර ඇතැයි ද, ඒ සම්බන්ධයෙන් කතරගම පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇතැයි ද, පොලිස් ස්ථානාධිපතිවරයා ද දැනුම්වත් කර ඇතැයි ද දැනගන්නට තිබේ.  නමුත් පොලිසිය මගින් සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නැතැයි කිරිවෙහෙර ආරංචි මාර්ග කියයි. 

මේ අතර  හම්බන්තොට රෝහලේ ප‍්‍රතිකාර ලැබූ පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් මගින් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹට රැගෙන ඒමට පියවර ගෙන තිබේ.හම්බන්තොට රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශය අනුව උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට නියමිත බවද වාර්තාවිය.
 

YOU MAY ALSO LIKE