Monday, June 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ලංකාවේ පාපැදි තරඟයකට එක්වී සුපිරි දස්කම් දක්වමින් සිටි විදේශිකයෙකුට අවාසනාවන්ත මරණයක්!

3668Views

ශ්‍රී ලංකාවේ අතුරු පාරවල් හි ධාවනය කරමින් පැවැත්වෙන Rumble in the Jungle මවුන්ටන් පාපැදි තරඟාවලිය අතරතුරදී විදෙස් පාපැදි කණ්ඩායමේ එක් සාමාජිකයෙකු ජලයේ ගිලී මියගොස් තිබේ

බදාදා තරගාවලිය පැවැත්වුනේ මහියංගනය ප්‍රදේශයේය. එහිදී රන්ටැඹේ ජලාශයට පහළින් මිණිපේ අමුණ ආසන්නයේ මහවැලි ගඟ හරහා සපත්තු පාලමක් සහිත ස්ථානයකින් ගමන් කරමින් සිටියදී මෙම විදේශිකයා අතුරුදහන් වී තිබේ.

ඉන් අනතුරුව ගඟට වැටුණු ස්ථානයට මීටර් 300 - 400 ක් පමණ දුරකින් ක්‍රීඩකයාගේ සිරුර හමුවී තිබේ. ඔහු 33 හැවිරිදි දකුණු ආසියානු ජාතිකයෙකු අනාවරණය වී තිබේ.අනතුර හේතුවෙන් පාපැදි තරගාවලිය අත්හිටුවීමට එය සංවිධානය කරන ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබේ.

ජුනි මස 09 වෙනි දින කුඩා ඔය ප්‍රදේශයෙන් ආරම්භ වූ මෙම තරගාවලිය අදියර පහක් යටතේ පැවැත්වීමට නියමිතව තිබුණු අතර එහි සම්පූර්ණ දුර කිලෝ මීටර් 298ක් විය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඇතුළු රටවල් 12 ක තරගකරුවන් මිට සහභාගි වෙමින් සිටියහ.අනතුරට ලක්ව මියගිය ක්‍රීඩකයා මෙම තරගාවලියේ ඒ වනවිට පෙරමුණේ සිටි කණ්ඩායමේ ක්‍රීඩකයෙක් බව සඳහන් වේ.




 

YOU MAY ALSO LIKE