Tuesday, September 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

වියදම මිලියන දෙකක් වැය කරමින් සිංහරාජයටම සිටින දැවැන්තයින් දෙදෙනා ඉවත් කරන්න යයි...! ලෝක උරුම අතරිනුත් ඉවත් වෙයිද...?

8817Views

ලෝක උරුමයක් වන සිංහරාජ රක්ෂිත වනාන්තරයටම සිටින  අලි දෙදෙනා අල්ලා ඉවත් කිරීමට වනජීවී සංරක්ෂණ අමාත්‍ය සරත් ෆොන්සේකා කටයුතු කර ඇතිබව  සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය පවසනවා. ඒ සඳහා නිළධාරී කණ්ඩායමක්ද වෙන් කර රුපියල් මිලියන දෙකක මුදලක්ද  වෙන්කර ඇතිබවයි එම සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසනන්නේ.

පරිසර සංවිධානවල විරෝධතාවන් ද නොසලකා හරිමින් සිංහරාජ රක්ෂිත වනාන්තරයේ මේ වනවිට ඉතිරිව සිටින අවසන් අලි දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි  හොරොව්පොතාන අලි රැඳවුම්ගාලට රැගෙන යන ලෙසට  සරත් ෆොන්සේකා අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

සිංහරාජ රක්ෂිතය කපා එළිපෙහෙළි කරමින් එහි නීති විරෝධී ලෙස පදිංචිව සිටින පිරිසකගෙන් ලද ඉල්ලීමක ඇහුම්කන් දෙමින් මෙම තීරණය ගෙන ඇතිබව පෙන්වාදෙන උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තෙත් කලාපීය පරිසරයකට හුරු වී ඇති මෙම අලි දෙදෙනා හොරොව්පොතාන අලි ගාලේ රඳවා තැබුවහොත් උන් මියයා හැකි බවයි.

මීට අමතරව සිංහරාජ වනාන්තරයේ වාසය කරන මෙම අලි දෙදෙනා ඉවත් කිරීම සම්බන්ධයෙන් විමසා එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානය වන ජීවී දෙපාර්තමේන්තුවට ඊමේල් පණිවුඩයක් එවා ඇති බවද සඳහන් වනවා. ඒ අනුව ලෝක උරුමයක් වන සිංහරාජය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වීමේ අවදානමක්ද පැවතීම කණගාටුවට කරුණක්.

YOU MAY ALSO LIKE