Monday, June 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කායවර්ධන ශිල්පියක් නිසා පොරබදන්න බැරිවුනා..! පුතාගේ ජීවිත ආරක්ෂාවටයි නියනෙන් ඇන්නේ...! රූපවාහිනී නිවේදකයා අධිකරණයට කියපු කතාව...!

8651Views

පසුගියදා වත්තල ,එඬේරමුල්ල ප්‍රදේශයේ කායවර්ධන ශිල්පියෙකුට පහර දී තියුණු ආයුධයකින් ඇන තුවාල කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ප්‍රියශාන්ත මහේශ් නිශ්ශංක යන නිවේදකයා සහ 24 හැවිරිදි ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඊයේ (13) දින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී එම නිවේදකයාට සහ ඔහුගේ පුත්‍රයාට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරමින් ලබන 18 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙසට නියෝග කලා.

අධිකරණයේදී  අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චන්ද්‍රා සේනානායක  පැවැසුවේ ප්‍රධාන සැකකරු තම සේවාදායකයා සම්බන්ධයෙන් වසරක පමණ කාලයක සිට නොයෙකුත් අසත්‍ය ප්‍රචාර කරන බවත් සැකකරුවන්ගේ පහරකෑමට ලක්වූ තුවාලකරු ශ්වසන අපහසුතාවයෙන් පෙළීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්ය.

එහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රදීප් ගමගේ  පැවැසුවේ සුපිරි වෙළෙඳසලක් තුලදී මෙම දෙපිරිස අතර ඇතිවූ ආරාවුලකින් අනතුරුව  පැයක කාලයක් ඇතුළත කඩවත පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබාදී ඉදිරි පරීක්ෂණවලට සහාය වීමක් වශයෙන් ඔවුන්ගේ ජංගම දුරකථන අංක පවා පොලිසියට ලබාදී අනතුරුව පොලිසිය කළ දැනුම්දීම මත පසුගිය 12 වනදා කඩවත පොලීසිය වෙත ඉදිරිපත් වූ බවයි.

මෙම නිවේදකයා තම බිරිය සහ දරු දෙදෙනා  සමඟ කඩවත පිහිටි සුපිරි වෙළෙඳසලට ගොස් සිටියදී තුවාලකරු සැකකරු දෙස තරහින් බලා සිට ඇති බවත් එසේ බලා සිටින්නේ වැරැදීමකින්ද යන්න ඇසූ අවස්ථාවේ වෙළෙඳසල තුළදී දෙපිරිස අතර කතාබහක් ඇතිවීමෙන් පසු නැවත රථ ගාලේදී දෙපිරිස අතර ආරාවුලක් ඇතිවූ බවටයි  සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත්තේ.‍

එහිදී දෙවැනි  නිවේදකයාගේ පුත්‍රයාට බිම පෙරළාගෙන පහර දෙමින් ඔහුගේ ගෙලද මිරිකා සිටි අවස්ථාවේ තම පුත්‍රයාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන්  වාහනයේ තිබූ නියනක් ගෙන පහර දී තිබෙන බවත්,  තුවාලකරුට නියනෙන් ඇනීම නිසා හටගත් තුවාලය ඇත්තේ ඇලපැත්ත ප්‍රදේශයේ බවත් තුවාලකරු කායවර්ධන ශිල්පියකු බැවින් ඔහු සමඟ පොර බැඳීමක් කළ නොහැකි නිසා තම පුතුව බේරා ගැනීම සඳහා මෙසේ වාහනය තුළ තිබූ නියනකින් තුවාලකරුට පහරදුන් බවටත් පිළිගනිමින් සැකකාර පාර්ෂවය ඇප ඉල්ලා තිබෙනවා.

කෙසේ නමුත් සැකකාර නිවේදකයා සහ ඔහුගේ 24 හැවිරිදි පුත්‍රයා ලබන 18 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයට පත්කළ අතර ඇප මතමුදා හැර සිටින සැකකාර නිවේදකයාගේ 17 හැවිරිදි පුත්‍රයාටද 18 වනදා මහර මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කර තිබෙනවා.

YOU MAY ALSO LIKE