Wednesday, December 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මහින්දගේ ඉවසීමේ සීමාව පැනලා - ඒකාබද්ධයේ පිරිසකට දැඩි දොස්

6490Views


පසුගිය 12දා  පැවති ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී  සිය කණ්ඩායමේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කර ඇති බව වාර්තාවෙයි.

 ඉකුත්දා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තේරීමේදී ඒකාබද්ධ විපක්ෂයේ  මන්ත්‍රී කණ්ඩායම දෙකට බෙදී ක්‍රීයාකිරීම ඒ මහතාගේදැඩි විවේඡනයට ලක්වී ඇත.

“අපේ සමහර අය මම දෙන උපදෙස් පිළිපදින්නේ නැතුව කොහොමද අපි වැඩ කරන්නෙ. ජනතාව අපි වටා එකතුවෙන කොට අපි පෞද්ගලික දේවල් මුල්කර ගෙන ප්‍රශ්න ඇති කරනවා. ආණ්ඩුවට විරුද්ධ හැමෝම ඒකාබද්ධ විපක්ෂයට එකතු වෙලා අපේ ප්‍රතිපත්ති පිළිගන්නෙ නෑ. අපිට තියෙන්නෙ ආණ්ඩුවට විරුද්ධ හැමෝම සමග එකතුවෙලා ආණ්ඩුව පෙරළන්නයි. එහෙම කරන්න බැරි අය ඉන්නවා නම් ඒක අපි කලින් දැන ගන්න ඕනේ.” යැයිද රාජපක්ෂ මහතා මෙහිදී දැඩි ස්වරයකින් ප්‍රකාශ කර ඇත.

අවසානයේ නියෝජ්‍ය කථානායක තේරීමේ අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන කනගාටු වෙමින් ඉදිරියේදී රට පුරා පැවැත්වෙන රාජ්‍ය විරෝධී දැවැන්ත උද්ඝෝෂණයට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ල.නි.ප 16 දෙනාද එක්කර ගෙන සහයෝගයෙන් කටයුතු කිරීමට ගිවිසගෙන ඇත.

YOU MAY ALSO LIKE