Sunday, October 21, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පියා මිය ගිය පසු හෝ පොරොන්දුව ඉටු කිරීමට ලැබීම ගැන සතුටුයි...! පොරොන්දුවක් ඉටුකරන්න පුතෙකු තම මියගිය පියා මිහිදන් කල හැටි...! (PHOTO)

6910Views

පුතෙකු විසින් තම මියගිය පියාගේ දේහය සුඛෝපභෝගී BMW  වර්ගයේ මෝටර් රථයක දමා මිහිදන් කල සිදුවීමක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා විශාල කතාබහකට ලක්ව තිබෙනවා. තම පියා ජීවත්ව සිටින කාලයේදී ලබා දුන් පොරොන්දුවක් ඉටුකිරීම සඳහා මෙලෙස තම පියාගේ දේහය මෝටර් රථයක දමා මිහිදන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

තම පියා ජීවත්ව සිටිද්දී ඔහුට මෝටර් රථයක් රැගෙන දෙන බවට ප්‍රකාශ කලද පුත්‍රයාට එය ඉෂ්ඨ කර ගැනීමට නොහැකී වී තිබෙනවා. ඒ අනුවයි පියා මියගිය පසු මෙලෙස මෝටර් රථයක දමා මිහිදන් කර ඇත්තේ. එසේම තම පියා මිය ගිය පසු හෝ තමන්ගේ  පොරොන්දුව ඉටු කිරීමට ලැබීම ගැන තමන් සතුටු වන බවයි ඔහු විදෙස් මාධ්‍යයන් වෙත කියා තිබුනේ.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනා ප්‍රකාශ කර තිබුනේ මෙය මුදල් නාස්තිකල වැඩකට නැති ක්‍රියාවක් බවයි. එසේම මෙම මෝටර් රථය දිගුකාලයක් සොහොන් ගෙය තුල නොතිබෙනු ඇතැයිද බොහෝ දෙනා මත පලකර තිබුණා.

 

 

YOU MAY ALSO LIKE