Monday, June 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඓතිහාසික පළමු ටෙස්ට් තරඟයේදී රෂීඩ් ඛාන්ට ඉන්දියාවෙන් අමතක නොවන ප්‍රහාරයක් - ෂිකර් ධවාන් සුපිරි වාර්තාවකුත් තබයි!

6438Views

ඓතිහාසික ඉන්දීය - ඇෆ්ගනිස්ථාන ටෙස්ට් තරඟය අද (14) ඉන්දියාවේ බැංගලෝර් හිදි ආරම්භ විය.මෙය ඇෆ්ගනිස්ථානය සහභාගී වන පළමු ටෙස්ට් තරඟයයි..

තරඟයේ කාසිය වාසිය දිනාගත් ඉන්දියානු නායක ආජින්ක්‍යා රහනේ පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.ඉන්දීය නිත්‍ය නායක විරාත් කෝලි මෙම තරඟය සඳහා ක්‍රීඩා නොකරයි.

ඉන්දීය ඉනිම ආරම්භ කළ ෂිකර් ධවාන් සහ මුරලි විජේ සාර්ථක ආරම්භයක් ලබාගත් අතර ප්‍රබල ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන්ට දිගට හරහට ප්‍රහාර එල්ල කළේය.

මෙහිදී ෂිකර් ධවාන් වේගවත් ශතකයක් රැස්කළ අතර, ටේස්ට් තරඟයක පළමු දිනයේ දිවා ආහාරයට පෙර ශතකයක් රැස්කළ පළමු ඉන්දීය පිතිකරුවා ලෙස වාර්තා පොත් අතරට එක්විය.

ඩොනල්ඩ් බ්‍රැඩ්මන්,, වික්ටර් ට්‍රම්පර්, චාල්ස් මැක්ර්ටනි, මජීඩ් කාන් යන ක්‍රීඩකයන් මීට පෙර එම දස්කම් පෙන්වා තිබිණි.පන්දු 91කින් ලකුණු 104ක් රැස්කළ ඔහුගේ ඉනිමට හතරේ පහර 19ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය

මේ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දියානු කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 318ක් ලබා සිටියි.ෂිකර් ධවාන්ට අමතරව, ආරම්භක පිතිකරු මුරලි විජේද ශතකයක් රැස් කළ අතර ලකුණු 105 ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුවූ දැවී ගියේය

ලෝක ක්‍රිකට් පිටියේ මේ වන විට ප්‍රබලම දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන රෂීඩ් ඛාන්ට මෙහිදී ඉන්දීය පිතිකරුවන්ගෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ලවූ අතර, ඔහුගේ යවනු ලැබූ පන්දුවාර 20දී ලකුණු 109ක් රැස්කීරීමට ඉන්දියානු පිතිකරුවෝ සමත් වූහ.
 



 

YOU MAY ALSO LIKE