Sunday, October 21, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබීමේ සිද්ධිය ගැන ගෝඨා කතා කරයි!

6468Views

කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් හිමිනමකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද්දක් බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද (14) මහනුවරදී හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසනු ලැබුවා.

එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ මේ වන විට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවත් ඒ අනුව එහි සත්‍ය අසත්‍යතාව මේ වන විට අනාවරණය වී ඇති බවයි.

 මීට වසරකට පමණ පෙර මහසෙන් දේවාලයේ කපුවා ලෙස සේවය කළ පුද්ගලයා සහ ඔහුගේ සහාකයින් දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අණාවරනය වී තිබෙනවා.2014 වසරේ දී කොබවක ධම්මින්ද හිමියන් කිරිවෙහෙර විහාරාධිපති තනතුරට පත් වූ පසු කතරගම මහසෙන් දේවාලයේ අයිතිය සම්බන්ධයෙන් අදාළ කපුමහතා ගැටලුවක් ඇති කරගෙන තිබුණා.අදාළ පුද්ගලයා මේ වන විට  ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.

2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අවශ්‍යතාවයක් පැනනැගුන හොත් ඒ සඳහාද කිසිඳු ගැටලුවක් නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළා.
 

YOU MAY ALSO LIKE