Friday, December 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"හැමෝගෙම ආදරය දිනාගෙන පාඩුවේ ජීවත් වුණ කෙනෙක්‌, කාගෙන්වත් නරකක්‌ ඇහුවේ නෑ" නිරෝෂා විරාජිනි යොවුන් මතක අවදි කරයි .!

6472Views

ප්‍රවීන ගායන ශිල්පිනි නිරෝෂා විරාජිනි සිය යොවුන් කාලය පිළිබදව අපූරූ තොරතුරු රැසක් හෙළිකර තිබුනා. ඒ පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින්.
එම සංවාදය පහතින්,

* ගැටිස්‌සි කාලෙ

හැමෝගෙම ආදරය දිනාගෙන පාඩුවේ ජීවත් වුණ කෙනෙක්‌. අහිංසකයි කියනව ඇරෙන්න කාගෙන්වත් නරකක්‌ ඇහුවෙ නෑ. ක්‍රීඩා කරන්න පුදුම අකමැත්තක්‌ තිබුණෙ. හැබැයි ඩාන්සින්වලට හරිම කැමතියි. අහිංසකයි කියල නමක්‌ දිනාගෙන හිටියට කතාවට වැටුණම ගිරවි වගේ කතා කරනවා. සිංදු කියල බොහොම විනෝදෙන් හිටියා.

* පාසල

පළමුවැනි ශ්‍රේණියේ ඉඳල උසස්‌ පෙළ වෙද්දී පාසල් තුනක ඉගෙනගත්තා. මහනුවර සෙන්ට්‌ ඇන්තනීස්‌, ග්‍රෑන්ඩ්පාස්‌ සෙන්ට්‌ ජෝෂප් සහ ත්‍රිකුණාමලේ සෙන්ට්‌ මේරිස්‌ කියන විදුහල් තමයි ඒ.

* කරපු දඟ වැඩ

ඒ ගැන ඇත්ත කිව්වට කවුරුත් පිළිගන්න එකක්‌ නෑ. පාසල් ජීවිතේ තුළ කිසිම දවසක දඟ වැඩක්‌ කරා කියල දඬුවමක්‌ ලබපු ළමයෙක්‌ නෙමෙයි මම. මම කළේ යාළුවො කරපු දඟ වැඩ දිහා බලාගෙන හිටපු එක විතරයි.

* යෙහෙළියෝ

යාළුවො ගොඩක්‌ හිටියා. ඒ මම පුංචි කාලෙ ඉඳල සිංදු කියපු නිසා මාව ළඟට අරගෙන සිංදු කියවගත්තු අය. එහෙම නැතුව විශේෂම සහ හොඳම යාළුවො කියල පිරිසක්‌ මට හිටියෙ නෑ. පිටරටවල ප්‍රසංගවලට ගියාම එහෙම කිහිප දෙනෙක්‌ හමුවුණා. ලංකාවෙදි එහෙම හමුවෙන්නෙත් නෑ ඒ අය.

* කල්ලිගැහුණු තැන්

කල්ලි ගැහෙන්න මට යාළුවො හිටියෙ නෑනෙ. අනික ඒකට වෙලාවක්‌ සහ අවස්‌ථාවක්‌ වගේම විශේෂ තැනක්‌ තිබුණෙත් නෑ. මම ටියුෂන් ක්‌ලාස්‌වලට ගියෙත් නෑ. ගෙදරට ගෙන්නල තමයි අම්ම මට ටියුෂන් දුන්නෙත්. කල්ලි ගැහුණා නම් ඒ ඉස්‌කෝලෙ ඉස්‌සරහ තිබුණ හෝටලේදී තමයි. මොකද ආෆ්ටර් ස්‌කූල් ඉන්න දවස්‌වලට බත් කන්න එතනම ගිය නිසා...

* විලාසිතා

කිසිම අයිඩියා එකක්‌ තිබුණෙ නෑ ඒ ගැන. අම්මට මහන්න පුළුවන්. නිතරම එකම රෙද්දෙන් මෝස්‌තර දෙකකට මටයි නංගිටයි ඇඳුම් මහල දුන්නා. සායක්‌ ඇන්දත්, ගවුමක්‌ ඇන්දත් ගොඩක්‌ දිගට තමයි ඇන්දෙ.

* පටබැඳි නම්

පුංචි කාලෙ ඉඳල මම පන්තියේ අනික්‌ ළමයින්ට වඩා උසින් වැඩි නිසා බස්‌ එකේදි පිරිමි ළමයි මම කොකෙක්‌ වගේ කියල විහිළු කරා.

* පිරිමි ළමයි

ගෑනු ළමයි එක්‌ක ලොකුවට ආශ්‍රයක්‌ තිබුණෙ නැති මම පිරිමි ළමයි එක්‌ක ආශ්‍රයක්‌ තියෙන්නෙ කොහොමද. බස්‌ එකේ යද්දි එද්දි අංජන කියල බොහොම දැකුම්කළු ළමයෙක්‌ මා එක්‌ක හිනාවෙලා කතා කරා ඒ කාලෙ.

* අම්ම තාත්තා

තාත්ත එක්‌ක ළඟින් ඉන්න තිබුණු කාලය හරිම අඩුයි. ඔහු පිටරට රැකියාව කළ නිසා අම්ම එක්‌ක තමයි අපි හැමෝම ගොඩක්‌ එකතු. හැමදේම හොයල බලල කළේ අම්ම. ඒ වගේම තමයි ටොකු ඇන ඇන ඉගැන්නුවේ. තාත්ත ලංකාවට එන්නෙ අවුරුදු 2 කට සැරයක්‌නෙ. ඒ ආවම හරිම විනෝදයි.

* ගුරුවරු

ගොඩක්‌ හොඳ ගුරුවරු තමයි මම ගිය හැම පාසලකදීම හමුවණේ. පාඩුවේ හිටපු නිසා හැමෝගෙම ආදරේට පාත්‍ර වුණා. ඩාන්සින්වලට හිටපු පද්මිණී මිස්‌ මට ගොඩක්‌ ආදරෙන් සැලකුවා. ටීචර්ස්‌ලත් හැම වෙලේම මට කියල සිංදු කියවනව.

* විනෝදාංශ

මගේ ජීවිතේම ඉතින් සිංදුමනෙ. සිංදු අහන එකයි කියන එකයි තමයි මගේ විනෝදාංශය. ඊට අමතරව බොහොම හැඩ වැඩ දාල සිංදු පොත් හැදුවා.

* අහල පහල අය

තාත්ත විදේශගතවෙලා හිටපු නිසා අම්ම අපිව කොටුකරගෙන තමයි හැදුවෙ. ඒ නිසා අහල පහල අය ආශ්‍රය කරන්න ඉඩ ලැබුණෙ හරිම අඩුවෙන්. කොහොම වුණත් හැමෝම එක්‌ක මම හොඳින් හිටියා. අවශ්‍ය වෙලාවට අපි එකතු වුණා.

* බලාපොරොත්තු

ඒ කාලෙ මට තිබුණ ලොකුම සහ එකම බලාපොරොත්තුව ගුරුවරියක්‌ වෙන එක. ඒ වෙන දෙයක්‌ නිසා නෙවෙයි සාරි ඇඳල අඩි උස සෙරෙප්පු දාලා හෑන්ඩ් බෑග් එකක්‌ අරන් යන්න තිබුණ ආසාවට.


 

සංවාදය : ධම්මික හේවාවසම්/ දිවයින